නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක් Featured

    සැප්තැම්බර් 27, 2015

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් එහි ආරම්භක සැසියෙන් අනතුරුව පැවැත්විණි.

    එම අවස්ථාවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවන මෙන් එහි වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත නිල ආරාධනයක් ද කළේය.

    අනතුරුව සාර්ක් කලාපයේ ප්‍රගමනයට හේතුවන කරුණු පිළිබඳව ජනාධිපතිතුමන් සහ ඉන්දීය අගමැතිතුමන් සාකච්ඡා කළ අතර පසුගිය මැතිවරණ දෙකෙහි දී ලද ජයග්‍රහණයන් පිළිබඳවද ඉන්දීය අගමැතිතුමා ජනාධිපතිතුමන් වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

    ශ්‍රි ලංකා රජයේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහය නොපැකිළව ලබා දීමට කටයුතු කරන බව ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya