නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අංග ආදේශක හා සෘජුකරඥ තනතුරු සදහා ස්ථිර පත්වීම් ලිපි ලබා දේ.

    සැප්තැම්බර් 27, 2015
     
    අංග ආදේශක හා සෘජු කරඥ තනතුර සදහා ප්‍රථම වරට බඳවා ගත් නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දීම පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
    හදිසි අනතුරු නිසා අත්පා අහිමි වන පිරිස් වෙත කෘතීම අත්පා නිෂ්පාදනය කිරීමට අදාලව අංග ආදේශක හා සෘජුකරඥ තනතුරේ රාජකාරි යෙදී ඇත. 
     
    මේ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය විසින් අංග ආදේශක හා සෘජුකරඥ තනතුර සදහා පත්වීම් 20 ක්ද ආචාර්ය අංග ආදේශක හා සෘජුකරඥ තනතුර සදහා පත්වීම් 05 ක් ද ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
     
    මේ වන විට මෙම තනතුර සදහා දිවයින පුරා රෝහල්වල පුරප්පාඩු 40 ක් ඇති අතර මෙම තනතුරු 25 ලබා දීමෙන් අනතුරුව ඉතිරි පුරප්පාඩු 15 කඩිනමින් පිරවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන මෙන් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  යන මහත්වරුන්ද සහභාගී වුහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya