නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    66 වන යුද හමුදා සංවත්සරයට සමඟාමීව පවත්වන වැඩසටහන් අද සිට

    සැප්තැම්බර් 28, 2015

    එළඹෙන ඔක්තෝබර් මස 10 වන දිනට යෙදෙන යුද්ධ හමුදා 66 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආගමික ආශිර්වාද ලබා ගැනීමේ අදිටනින් වැඩසටහන් රැසක් මෙන්ම සැමරුම් උත්සව ද ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කොට තිබේ.

    එහි පළමු ආගමික වැඩසටහන අද (28) පෙරවරුවේ යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඵෙතිහාසික දළදා මාලිගයේ දී දළදා වහන්සේට පූජෝපහාර දැක්වීමෙන් ආරම්භ කෙරේ. වැඩසටහනට ප්‍රකාරව උදෑසන බුද්ධ පූජාව දළදා වහන්සේට පුජා කොට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රථමයෙන් සිදු කෙරේ. ඉන් අනතුරුව සංඝයා වහන්සේ 66 ක් විෂයෙහි හීල් දානය පිරිනැමීම ද යුද්ධ හමුදාපතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය. සවස ගිලන් පසු පූජාව ද සිදු කෙරෙන අතර, පිරිත් දේශනා කොට යුද හමුදා ධජයන්ට සෙත් පැතීම සහ ආශිර්වාද ගැන්වීම ද මෙහි දී සිදු කෙරේ.

     

    එමෙන්ම හින්දු දේව මෙහෙය කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වර් කෝවිලේ දී යුද්ධ හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 30 වන දින පස්වරුවේ සිදු කෙරේ. එහි දි ද ධජයන්ට සෙත් පැතීම සහ හින්දු ආගමික ආශිර්වාද ලබා ගැනීම අපේක්ෂාවයි.

     

    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී යුද්ධ හමුදා ධජයන් ආශිර්වාද ගැන්වීම ඔක්තෝබර් 02 වන දින උදෑසන සිදු කෙරෙන්නේ මහත් හරසරිනි. අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීම මෙන්ම යුද හමුදාවේ සාම්ප්‍රදායික වත්පිළිවෙත් ඉටු කිරීම ද මෙහි දී සිදු කිරීමට සැලසුම් කොට ඇත.

     

    එමෙන්ම සංවත්සරයට සමඟාමීව මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඔක්තෝම්බර් මස 6 වන දිනයේය.

     

    මෙම ආගමික වැඩසටහන්වලට සමගාමිව කතරගම කිරි වෙහෙර අභියස දී සහ ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයේ දී පුද පූජා පවත්වා ධජ ආශිර්වාද ගැන්වීම ඔක්තෝබර් මස 07 වන දින සිදු කෙරේ.


     
    සර්වආගමික වතාවත්වලට අනූව ක්‍රිස්තියානි දේව මෙහෙය පැවැත්වෙන්නේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දීය. එනම් ඔක්තෝබර් මස 09 වන දිනය.

     

    ඔක්තෝබර් 10 වන දින යුද හමුදා දිනය වන අතර, සිය 66 වන අභිමානවත් සංවත්සරය වෙනුවෙන් පනාගොඩ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ දී යුද හමුදාපතිතුමාට උත්තමාචාර පිරිනැමීම ද සිදු කෙරේ. එදින පෙරවරුවේ උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව සියලු නිලයින් සදහා තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන්නේ ද යුද්ධ හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. යුද්ධයේ දී ආබාධිත තත්වයට පත්ව රාගම රණවිරු සෙවණේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් බැලීමට පස්වරුවේ යුද්ධ හමුදාපති එක්වේ.

     

    යුද හමුදා දිනය වන ඔක්තෝබර් 10 වන දින රාත්‍රියේ පනාගොඩ යුද්ධ හමුදා බෝධිරාජාරාමයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්වේ. මේ සදහා සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් 1000 කට අධික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවිමට නියමිතය. පසුදින උදෑසන සංඝයාවහන්සේ 20 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමීමට සූදානම් කොට ඇත. එපමණක් නොව දහවල් සංඝගත දක්ෂිණාවක් ද භික්ෂූන්වහන්සේ 66 නමක් සදහා පිරිනැමේ. (Army Media)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya