අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන කඩිනම් කෙරේ Featured

    මැයි 21, 2014

    ආබාධිත පුද්ගලයින්ගේ සහ අසරණ වැඩිහිටියන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන කඩිනම් කිරීම සඳහා සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.


    මෙවැනි පුද්ගලයින්ට සමාජයේ අනුකම්පාව හිමිවනවාට වඩා ඔවුන් අතින් නිමවෙන භාණ්ඩ අතර මැදියන්ගෙන් තොරව ඍජුවම පාරිභෝගිකයන් වෙත අලෙවි කරගැනීමෙන් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ඔවුන් යැපුම් මානසික තත්ත්වයෙන් ඔබ්බට ගෙන ගොස් සමානාත්මතාව හිමිකර දීම උදෙසා ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන කිරීමේ අරමුණින් සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා විසින් අමාත්‍ය  මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කරන ලදී. එයට මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව සමාජ සේවා අමාත්‍යාංශය පවසයි.


    මේ අනුව සෑම සුපිරි වෙළඳසලකම එවැනි භාණ්ඩ වෙනුවන් වෙන්කරන ලද අලෙවි රාක්කයක් පවත්වාගෙන යමින් එයින් අලෙවි කරන භාණ්ඩ සඳහා ලැබෙන මුළු මුදලම නිෂ්පාදකයා වෙත ලැබීමට සැලැස්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහනේ ප්‍රගතිය පරීක්ෂා කළ සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසුවේ ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන වහාම කඩිනම් කළ යුතු බවත්, එහි සමස්ත ප්‍රතිඵලය වැඩිහිටි සහ ආබාධිත ප්‍රජාවන් වෙත ඉක්මනින් ළඟා කර දිය යුතු බවත්ය. එමෙන් ම අඩු වරප්‍රසාද ලද පුද්ගලයින් විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරනු ලබන නොයෙක් භාණ්ඩ සඳහා අලෙවි අවකාශ සපයා දීමට මැදිහත්වීම රජයේ මෙන්ම සමස්ත සමාජයේම යුතුකමක් සහ වගකීමක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    ECB/RU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya