නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු වැඩි වීම අර්තාපල් හා සීනිවලට පමණයි - මුදල් අමාත්‍යාංශය

    සැප්තැම්බර් 11, 2015

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන් අර්තාපල් හා සීනි සඳහා පමණක් බදු වැඩි වූ බවත් අනෙකුත් සියලු භාණ්ඩ පිළිබඳ විශේෂ බද්ද නොවෙනස්ව පවතින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

    එහෙත් පරිප්පු, ළුණු, කවුපි, කුරක්කන්, මාගරින් ඇතුළු ආහාර ද්‍රව්‍ය 9ක විශේෂ බදු වැඩි කරන ලදැයි ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍යයයි.

    කුරක්කන්, කව්පි, කොරියා කඩල, මාගරින් ඇතුළු භාණ්ඩ නවයකට සාමාන්‍ය ආනයනික බදු, වැට් බදු, වරාය බදු හා අනෙකුත් බදු වෙනුවට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් කලින් කලට නියම කරනුයේ ඉල්ලුම හා සැපයුම අනුව පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා ද ආරක්ෂා කිරීමේ අරමුණින් ය.

    විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමේ ගැසට් නිවේදනය පසුගිය අගහරුවාදා (08) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපදෙස් මත නිකුත් කර තිබේ.

    කලින් කල වෙළද පොලේ මිල උච්චාවචනයන් ඇති වුව ද එම භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාම මෙමගින් සිදු කෙරෙන අතර දේශීය නිෂ්පාදන, වෙළෙඳ පොළට එන අවස්ථාවන්ගේ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ආනයනික භාණ්ඩ මත වූ මෙම විශේෂ බද්ද වැඩි කරනු ලැබේ.

    ඒ අනුව මෙම සතියේදී අර්තාපල් කිලෝවක් සඳහා වන විශේෂ බද්ද රුපියල් 30/- සිට 40/- දක්වා රුපියල් 10/- කින් ද සීනි සඳහා වූ බද්ද රුපියල් 18/- සිට රුපියල් 30/- දක්වා රුපියල් 12/- කින් ද වැඩි කරනු ලැබීය. අනෙකුත් සියලු භාණ්ඩ සඳහා පැවති විශේෂ බද්ද කිසිඳු වෙනසකින් තොරව පෙර පැවති ආකාරයටම පවතියි.

    ජාත්‍යන්තර වෙළදපොලේ සීනි මිල සීඝ්‍ර‍යෙන් පහළ බැස ඇති බැවින් දේශීය සීනි නිෂ්පාදකයන්ට අත දීමක් ලෙස සීනි කිලෝවක විශේෂ බද්ද රුපියල් 12/- කින් වැඩි කළ ද එහි අලෙවිකරන සිල්ලර මිලෙහි කිසිඳු වෙනසක් නොමැත.

    පැකට් කරන ලද සීනි කිලෝවක් සඳහා වන උපරිම පාලන මිල රුපියල් 95/- හා පැකට් නොකරන ලද සීනි කිලෝවක් සඳහා පවත්නා රුපියල් 88/- පාලන මිල දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya