මෙම සමුළුව හෙට (09) දිනයේද පැවැත් වේ.
මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි අතර බස්නාහිර පළාත් සභාව විසින් සියලුම සංවිධාන කටයුතු සිදු කරනු ලැබේ. මේ සඳහා අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය, ආසියානු සහ ආසියා පැසිෆික් කලාපීය රටවල් 37ක සාමාජිකයන් සහභාගී වේ.
ලොව පුරා පවතින ප්‍රාන්ත රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ යි. ඒ සඳහා දැනුම, හැකියාව, නව ප්‍රවණතා සහ අත්දැකීම් ප්‍රාන්ත රාජ්‍යයන් අතර බෙදා ගැනීම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ.
මෙහිදී පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය, ජල සම්පත් කළමනාකරණය, සනීපාරක්ෂක ක්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඊට අනුගත වීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට ඉඩප්‍රස්ථාව සැලසේ.
kpm