අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ඉන්වෙස්ට්‍රේඩ් - 2014" ඇරඹේ Featured

    මැයි 20, 2014
    ඉන්දියානු වාණිජ සංගමය සංවිධානය කරනු ලබන "ඉන්වෙස්ට්‍රේඩ් - 2014" ( INVESTRADE 2014) ප්‍රදර්ශනය ඊයේ (19) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා ( BMICH) පරිශ්‍රයේ දී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය හෙට (21) න් අවසන් වේ.
     
    ඉන්දියා වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය, ඉන්දියානු වාණිජ සංගමය (ICC) හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. 
     
    ඉන්දීය ඉදිකිරීම් කර්මාන්තකරුවන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් 50කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වෙති. 
     
    ගොඩනැගිලි ඉදිකිරීම්, අධිවේගි මාර්ග, ජල නල මාර්ග, පාලම්, වාරිමාර්ග සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු සම්බන්ධව ප්‍රදර්ශන කුටි 60කට ආසන්න ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වන අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඉදිකිරීම් ආයතන විසින් මෙම ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරනු ලබයි.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, ඉන්දියානු වාණිජ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රජිව් සිංහා, ශ්‍රී ලංකාවේ වාණිජ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ යන මහත්වරු, දේශීය හා විදේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB
     
    MP BR INVEST 2014 1
     
     
     
     
     
     
    MP BR INVEST 2014 2
     
     
     
    MP BR INVEST 2014 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya