මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා Featured

    මැයි 20, 2014
    විශ්‍රාමිකයාට හැකි ඉක්මණින් පාරිතෝෂික මුදල ලබාදීමේ අරමුණෙන් විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය බැංකු මඟින් ගෙවීමට තීරණය කළ බවත්, අද වන විට එය සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන වැඩපිළිවෙළක් බවට පත්ව ඇති බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම සම්බන්ධව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ පසුගියදා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. 
     
    "සෑම මාසෙකම විශ්‍රාමිකයන් 2,500ක් විතර විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ඉල්ලුම් කරනවා. එක් කෙනෙකුට ලක්ෂ 3 සිට 20 දක්වා මුදලක් ගෙවන්න සිදුවෙනවා. මේක විශ්‍රාමිකයන් සතු අයිතිවාසිකමක්. එම විශ්‍රාමිකයන් සතු අයිතිවාසිකම් කිසිදු කප්පාදුවකින් තොරව කඩිනමින් ලබාදීමට තමයි රජය මේ සියලු දේ කරන්නේ. නමුත් මේවන විට 17,000කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා ඉල්ලුම් කරලා තියෙනවා. මේ අයට පාරිතෝෂිකය ගෙවන්න රුපියල් මිලියන 8,000ක් පමණ විශාල මුදලක් වැයවෙනවා. මේ සඳහා මාස 6ක 7ක විතර කාලයක් ගතවෙනවා. ඒ නිසයි භාණ්ඩාගාරයත් එක්ක කතා කරලා අපි බැංකු මඟින් ගෙවීම් ක්‍රමවේදයක් ආරම්භ කළේ. අද එම වැඩපිළිවෙළට විශ්‍රාමිකයන් අනුගතවෙලා. මේ වන විට පාරිතෝෂිකය බැංකු මඟින් ගන්න ඉල්ලුම් පත්‍ර 1000කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා. එයින්  656ක් සඳහා බැංකු මඟින් දැනටමත් විශ්‍රාමික පාරිතෝෂිකය අපි ගෙවලා තියෙනවා. ඒ මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරිමේ බැංකුව යන රජයේ බැංකු මගින්. ඒ වෙනුවෙන් රාජ්‍ය බැංකු මිලියන 331ක් ගෙවලා තියෙනවා" යැයිද  අමාත්‍යවරයා පැවසීය.
     
    විශ්‍රාමික වැටුප් පාරිතෝෂිකය බැංකුවෙන් ගෙවන රජයේ මෙම වැඩපිළිවෙළ කඩාකප්පල්  කිරීමට විපක්ෂය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විශාල උත්සහයක් ගත් බවත් ඒ සඳහා නොයෙකුත් වැරදි ප්‍රචාර ගෙන ගිය බවද කීය.
     
    විශ්‍රාමික පාරිතෝෂිකය අහෝසි කිරීමක්, බැංකු ණයක් බවට පරිවර්තනය කිරීමක් යනුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් විශ්‍රාමිකයන් නොමඟ යැවීමේ උත්සහයක ඇතැමුන් නිරතව සිටින බවත්  ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සියලු උත්සාහයන් අද බොරු ප්‍රචාර බවට පත්ව ප්‍රතික්ෂේප වී ඇති බවත් පෙන්වා දුන්නේය. 
     
    විශ්‍රාම වැටුප් පාරිතෝෂිතය බැංකුවෙන් ගැනීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ විශ්‍රාමිකයාගේ කැමැත්ත පමණක් බවත් අමතර ගෙවීම්, අනවශ්‍ය ලියවිලි කිසිවක් අවශ්‍ය නොවන බවත් සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට  අමාත්‍යංශ ලේකම් පී.බී. අබේකෝන් මහතා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya