නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපදයේ සහයෝගය නැවත තහවුරු කිරීම සංචාරයේ අරමුණයි - නිශා බිස්වාල් Featured

    අගෝස්තු 25, 2015

    ශ්‍රී ලංකාව සහ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය බලය, යහ පාලනය, සාමය හා සමෘද්ධිය කරා ගෙන යන ගමනේ දී ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ කැපවීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ශක්තිමත් සහයෝගය නැවත තහවුරු කිරීම සඳහා මෙම විශේෂ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සංචාරයේ අරමුණ බව  ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසයි.

    අද උදෑසන (25) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීමෙන් පසු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයේ දී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

     

    එක්සත් ජනපදයේ ලේකම් ජෝන් කෙරී මහතා පසුගිය මැයි මාසයේ දී ලංකාවේ සිදු කළ ඓතිහාසික සංචාරය හා එක් වූ තමන් ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පමණක් කැප නොවුණු බව හා රට තුළ යහ පාලනය ගොඩ නැගීම, දූෂණ මැඩපැවැත්වීම සහ සිංහිදියාව ප්‍රවර්ධනය කරමින් සිටින ආකාරය දුටු බවත් සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මිය මෙහිදී මතක් කළාය.

     

    සාම්පූර්වල නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියට සහ එහි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියනයක් වටිනා සම්පත් ප්‍රදානය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දෙන බවත් රට දියුණු කිරීම සඳහා ඉදිරියේ දී ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මෙම නව රජය සමඟ එකට එකතු වී වැඩ කටයුතු කිරීමට බලා සිටින බවත් ඇය සඳහන් කළාය.


    මෙම සංචාරය තුළ දී ජ්‍යෙෂ්ඨ නායකයින්, දේශපාලන නායකයින්, දේශපාලන පක්ෂවල හා සිවිල් සමාජවල නායකයන් සහ පෞද්ගලික අංශ සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා ගන්නා බව ද ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

     

    ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද සාකච්ඡා කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

     

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකානු තානාපති ලෙස වැඩ භාර ගත් අතුල් කෙශාප් මහතාත් මෙම හමුවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya