නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාව හා එක්සත් ජනපදය බහු මුහුනුවරකින් ද්වී පාර්ශ්වික සබඳතා නැවත ගොඩ ගැනීමට එකඟ වුනා Featured

    අගෝස්තු 25, 2015

    පෙර රැස්වීම් අතරතුර දී හා සිය වොෂින්ටන් සංචාරයෙන් අනුතුරුව බහු මුහුනුවරකින් සමන්විත ද්වී පාර්ශ්වික සම්බන්ධතා නැවත ගොඩ ගැනීමට එකඟ වූ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හමුවීමෙන් පසු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයේ දී විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    ජනාධිපති සිරිසේන මහතා මැතිවරණයෙන් තේරී පත්වීම හා මා විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත්වීම් ලැබීමත් සමග ජනවාරි මාසයේ ආරම්භ කල සංවාද එලෙසෙම මෙහිදී ක්‍රියාත්මක කළ බවත් දෙරට අතර පෙර රැස්වීම් අතරතුර දී හා සිය වොෂින්ටන් සංචාරයෙන් අනුතුරුව බහු මුහුනුවරකින් සමන්විත ද්වී පාර්ශ්වික සම්බන්ධතා නැවත ගොඩ ගැනීමට අපි එකඟ වූ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ,

     

    “දෙරටේ සහයෝගීතාව වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර කිහිපයක් ලේකම් කෙරීගේ සාර්ථක මාර්තු සංචාරයේදී හදුනා ගන්නා ලදී. අද දින පැවති සාකච්ඡා එහි පසු විපරමක් වන අතර මෙමගින් වඩාත් සමීප හා ප්‍රත්‍යක්ෂ සම්බන්ධතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරුණි.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් රජයේ සමස්ත අරමුණු වූ යහපාලනය, මානව හිමිකම් වලට ගරු කරන හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ හා නීතියේ පාලනය ශක්තිමත් කිරීම සදහා ගනු ලබන පියවර ගැනද සාකච්ඡා කරන ලදී. 

     

    අප රට වඩාත් නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පසු දේශපාලන වශයෙන් ස්ථාවර වී ඇත. එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වූ නිශ්චිත පොරොන්දුවකට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මතුවූ ගැටළු නිරාකරණය කිරීම සදහා ගනු ලැබූ ස්වාධීන දේශීය යාන්ත්‍රණය පිලිබඳවත් දැනුවත් කරන ලදී.

     

    දෙරටේ සමීප ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දීමට තීරණය කළෙමු. ශ්‍රී ලංකාවේ විශාලම තනි අපනයන වෙළදපොල වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. අපගේ මුළු අපනයන ප්‍රමාණයෙන් 23% ඇතුල් වන්නේ ඇමරිකානු වෙළදපොලට වේ. එනිසා අපගේ වෙළද හා ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීමටත් ඇමරිකානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ ඇති නව ආර්ථික අවස්ථා වලින් වාසි ලබා ගැනීමටත් අවකාශ සැලසිය යුතුය.

     

    ඉදිරියටත් මෙවැනි ඉහල පෙළේ හමුවීම් තුලින් ශ්‍රී ලංකා ඇමරිකානු සබඳතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙමු.


     
    තවද මා සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ප්‍රමුඛ දුත මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සුහද හා ප්‍රසන්න සංචාරයක් ගත කිරීමට හැකි වන ලෙස සුභපතා සිටිමි.“ යන්නය.

     

    ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද සාකච්ඡා කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

     

    ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය හා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකානු තානාපති ලෙස වැඩ භාර ගත් අතුල් කෙශාප් මහතාත් මෙම හමුවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya