එහිදී පොලිස්පතිතුමන් විසින් නාවික හමුදාපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, නාවික හමුදාපතිතුමා වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ දී සම්මාන ආචාර මුරයක් ද පවත්වන ලදී. ඉන් අනතුරුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වුනු පොලිස්පතිතුමන් නව පත්වීම ලද නාවික හමුදාපතිතුමන් හට සුභපැතුම් එක් කරමින් නව ධුරයේ රාජකාරීන් සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කර සිටියේය.
මෙම නිල හමුව සනිටුහන් කරමින් පොලිස්පතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
DB