වෙරළ ආරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ (Sri Lanka Coast Guard) නව අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ජී.ඩී.ඒ.එස්. විමලතුංග මහතා ඊයේ (25) ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඩී.එම්.යූ.ඩී. බස්නායක මහතා හමුවිය. මෙහිදී බස්නායක මහතා සහ රියර් අද්මිරාල් ජී.ඩී.ඒ.එස්. විමලතුංග මහතා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර හමුව අවසානයේ සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය. මෙම හමුව ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදු විය. DB