මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කශේරුකාවක් සහිත නායකයා නිසා අපි අද නිදහස්, නිවහල් ජාතියක්

    මැයි 20, 2014
    ශ්‍රී මහා බෝධිය අසල ම්ලේච්ඡ ඝාතන සිදු කළ, දළදා මාලිගාවට බෝම්බ ගහපු, අරංතලාවේදී භික්ෂූන් ඝාතනය කළ, රුදුරු ත්‍රස්තවාදය නිමා කරන්නට හැකි වූයේ කශේරුකාවක් සහිත නායකයෙක් බිහි වූ නිසා යැයි ද ඒ නිසාම අපි අද නිදහස් නිවහල් ජාතියක් ලෙස නැගී සිටින බව ද යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
     
    රත්නපුරය ගල්ලෑල්ල ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ අබිනවයෙන් ඉදි කරන චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ධාතු ගර්භයේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 
     
    මෙයට සමගාමීව 2009 ජනවාරි 13 දින මුලතිව් ක්‍රියාන්විතයේදී රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ, ලාන්ස් කෝප්‍රල් රන්ජන් ජයසිංහ මහතා සිහි වීම පිණිස දෙමාපියන් විසින් ඉදිකරන ලද විහාරස්ථානයේ බෝධි වෘක්ෂය වටා වූ රන්වැට විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
     ‍
    "ශ්‍රී ලංකාවේදී පැවති ලෝක තරුණ සමුළුවට රටවල් 167ක නියෝජිතයන් පැමිණියා. රටවල් 50කට ආසන්න ප්‍රමාණයක අමාත්‍යවරුන් රජයේ ඉහළ නිලධාරීන් පැමිණියා. බින් ලාඩන් මරලා ඇමරිකාව කිව්වේ ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදය ඉවරයි කියලා. එයින් පසුව මරාගෙන මැරෙන ප්‍රහාර පමණක් 141ක් ඇෆ්ගනිස්ථානයේ සිදු වුණා. සදාම් හුසේන් ඝාතනයෙන් පස්සේ ඇමරිකාව කිව්වෙත් ඉරාකය නිදහස් කියලා" යැයි ද කීය. 
     
    අදටත් ලෝකයේ වැඩිම මරාගෙන මැරෙන ප්‍රහාර ඉරාකයේ සිදුවන බවත් අවසන් සටනින් පසු අපේ රටේ එසේ නො වූ බවත් තරුණ සමුළුවට ලංකාවට පැමිණි රාජ්‍ය නියෝජිතයන් රටේ තත්ත්වය අදහාගත නොහැකි බව පැවසුවේ ඒ නිසා බවත් වැඩිදුරටත් පැවසීය.
     
    විහාරාධිපති, මල්වල ශාසනාරක්ෂක බල මණ්ඩයේ සභාපති, ශාස්ත්‍රවේදී ගලගම හේමාලෝක, රත්නපුර, ෆර්ගියුසන් විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති රත්ගම වාචීස්වර යන හිමිවරුන් ද, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, සබරගමුව පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, කැනඩාවේ හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, කරුණාරත්න පරණවිතාන, පාතකඩ බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති, උපුල් ගාමිණී සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    MP DA Ratnapura 1
     
     
     
    MP DA Ratnapura 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya