අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Y-art 2014" නිර්මාණ කඳවුර

    මැයි 20, 2014
    ජාතික යොවුන් සේනාංකය මඟින් ලෝක තරුණ සමුළුවට සමඟාමීව පවත්වන ලද "Y-art 2014" නිර්මාණ කඳවුර යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිංස්ලි ගුණතිලක මහතා විසින් නිර්මාණ කඳවුර මෙහෙයවනු ලැබීය.
     
    කඳවුර අවසානයේ යොවුන් සේනාංක සිසු සිසුවියන්ගේ නිර්මාණ අතරින් ප්‍රශස්ත නිර්මාණ සඳහා සහතික පත්‍ර පිරිනැමීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක සභාපති නලින්ද ඉලංගකෝන් , ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු ආයතනයේ සභාපති චන්දන අරුණදේව යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya