නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් ගුරුවරුන් 15,600කට උසස් වීම් Featured

    අගෝස්තු 06, 2015
    නව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ජාතික පාසල් ගුරුවරුන් 15,600කට උසස් වීම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලී මාරසිංහ මහතා සඳහන් කරයි.
    දිවයිනේ 225,000ක් ඉක්ම වූ ගුරුභවතුන්ගේ නව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සිදු කරන අන්තර්ග්‍රහණ කටයුතු 75%ක ප්‍රමාණයක් මේ වන විට අවසන් කිරීමට හැකි වී ඇති බවත් ඒ අතරින් ජාතික පාසල් ගුරුවරුන් 32,000කින් 15,600ක් අන්තර්ග්‍රහණ කටයුතු හා නව සේවා ව්‍යවස්ථාව අනුව උසස්වීම් ලබා දීමට හැකි වූ බව ලේකම්වරයා පෙන්වා දෙයි.
    ඒ මහතා සඳහන් කරන්නේ පළාත් පාසල් ගුරුවරුන්ගෙන් 65%ක් ප්‍රමාණයක උසසවීම් ලබා දීම අවසන් කර ඇති බවයි.
    අනෙකුත් සියලුම අන්තර්ග්‍රහණ හා උසස්වීම් කටයුතු මේ මස 31 වැනි දාට ප්‍රථම අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇත.
    මෙම අන්තර්ග්‍රහණ ක්‍රියාවලියේදී සමහර ගුරුවරුන් සම්බන්ධයෙන් වූ විනය නියෝග, වැටුප් රහිත නිවාඩු, මුදාහැරීම් වැනි කරුණු නිසා එවැනි ගොනු ආශ්‍රිතව අන්තර්ග්‍රහණ හා උසස්වීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සාමාන්‍යයෙන් වැඩි කාලයක් අවශ්‍ය බව ද ඒ මහතා පෙන්වා දෙයි.
    තව ද මෙම අන්තර්ග්‍රහණ හා උසසවීම්  සිදු කිරීම පිළිබඳ පළාත් මට්ටමින් සිදුකළ දෙවන පුහුණු වටය ජුලි 14 දින සිට 30 වැනි දින දක්වා එක් එක් පළාත්වල පවත්වා එහි දී හඳුනාගත් ගැටලු සඳහා නිශ්චිත උපදෙස් ලබා දී අන්තර්ග්‍රහණය හා උසස්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya