නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉදිකිරීම් සෙවීමට කමිටුවක්

    අගෝස්තු 06, 2015
    බත්තරමුල්ල සේනා මූලස්ථාන සංකීරණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
    එම ව්‍යාපෘතියේ උපදේශක සේවා සැපයීම සඳහා පත් කර ඇති සමාගමක් සම්බන්ධයෙන් එකී නිලධාරීන් විසින් පත් කර ඇති වාර්තාවේ ඇතුළත් කරණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.
    ඒ අනුව තරගකාරී ලංසු කැඳවීමකින් තොරව එකී සමාගම තෝරාගෙන ඇති අතර උපදේශන සේවා සැපයීම පිණිස තෝරා ගැනීමෙන් අනතුරුව එකී සමාගම, සමාගමක් වශයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ හා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ ලිපාපදිංචි වී තිබේ.
    මීට අමතරව අදාළ බලධාරීන් විසින් එකී සමාගමේ සේවාවන් ලබාගැනීම පිණිස විධිමත් ගිවිසුමකට එළැඹී නොමැත.
    සමස්ත ව්‍යාපෘතියේ උපදේශන සේවා සඳහා එකී සමාගමට රුපියල් මිලියන 606.032ක් මුදලින් ගෙවීමට තීරණය කර ඇති අතර පසුගිය මැයි 31 වැනි දින වන විට එම ආයතනයට රුපියල් මිලියන 509.926ක් ගෙවා ඇත.
    මෙහිදී ගෙවා ඇති මුළු මුදල 83%ක් වුවත් ඒ යටතේ වැඩ අවසන් කර තිබෙන්නේ 30.02%ක් යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කර තිබේ.
    මෙයට හේතු සෙවීම සම්බන්ධයෙන් මෙම නිලධාරී කමිටුව පත් කළ අතර එම කමිටුවේ වාර්තාව අනුව යෝග්‍ය පරිදි නිත්‍යානූකූලව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya