අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දයේ දෙවැනි දිනය අදයි Featured

    අගෝස්තු 05, 2015

    එළැඹෙන අගෝස්තු 17 වැනි දින පැවැත්වෙන මහමැතිවරණයේ රාජ්‍ය සේකවයින්ගේ තැපැල් ඡන්දය ලකුණු කිරීමේ දෙවැනි දිනය අද (5) වන අතර හෙට (6) දිනය තුළ ද එය සිදු කෙරේ.

    මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ලකුණු කිරීම ලබන 08 වන දා සිදු කිරීමට නියමිතය.

    මෙවර තැපැල් ඡන්දය සඳහා පුද්ගලයින් 567,290 ක් සුදුසුකම් ලබා සිටිති.

     

    ගුරුවරුන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය ලකුණු කිරීම පසුගිය 03 වැනි දා පැවැත්විණි.



    තැපැල් ඡන්ද ලකුණු කරන අවස්ථාවන් නිරීක්ෂණය සඳහා එක් සහතික කිරීමේ නිලධාරී කාර්යාලයක් වෙනුවෙන් දේශපාලන පක්ෂයක්/ ස්වාධීණ කණ්ඩායමක් වෙනුවෙන් එක් නියෝජිතයකු හා එක් නිරීක්ෂණ ආයතනයක් වෙනුවෙන් එක් නිරීක්ෂකයෙකු බැගින් පත් කළ හැකිය.

     

    මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයට (PAFFREL) , මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට (CMEV), නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයට (CaFFE) අවසර ලබා දී ඇත.

     


    අදාළ සහතික කිරීමේ නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු කිසිවකු අපේක්ෂකයකු හෝ නිරීක්ෂණ සංවිධානයක් වෙනුවෙන් එම ආයතනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානයේ නිරීක්ෂණ කටයුතුවල නිරත විය නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    එසේම තැපැල් ඡන්දය සලකුණු කිරීම්/තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිශ්‍ර ඡායාරූපගත කිරීම, වීඩියෝ ගත කිරීම තහනම් වන අතර එම ස්ථානවලට ඡංගම දූරකතන රැගෙන යාම, භාවිත කිරීම සපුරා තහනම් බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.


    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya