අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ප්‍රකාශ කිරීම සහ මනාප ලකුණු කිරීම ගැන දැනුවත් වෙන්න

    අගෝස්තු 04, 2015

    එළැඹෙන අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණයේදී තමා කැමති පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් කතිර ලකුණක් ("X") යොදා ඡන්ද පත්‍රිකාවක් සලකුණු කිරීම සිදුකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    ඉන් අනතුරුව එම පිළිගත් දේශාපලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂයන් තුන් දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනකට මනාප අංකය ඇතුළත් කොටු තුළ අංක මත කතිර ලකුණක් ("X") යෙදීමෙන් ස්වකීය මනාප සලකුණු කළ හැකිය.

     

    ඡන්ද ගණන් කිරීමේදී ප්‍රතික්ෂේප කෙරෙන ඡන්ද පත්‍රිකා පිළිබඳ මැතිවරණ මහලේකම් කාර්යාලය මෙසේ පෙන්වා දෙයි.

     

    - කිසිම දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය සලකුණු කර නොමැති හෝ
    - පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට ඡන්දය සලකුණු කර ඇති හෝ
    - ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය සලකුණු කර ඇති හෝ
    - පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට හෝ පක්ෂ හා කණ්ඩායම් සංකලනයකට හෝ ඡන්දය සලකුණු කර ඇති හෝ
    - ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ඡන්ද පත්‍රිකාව මත ලියා ඇත්නම් හෝ ඇඳ ඇත්නම් හෝ
    - ඡන්දය සලකුණු කර ඇත්තේ කුමන පක්ෂයකට/ස්වාධීන කණ්ඩායමකට දැයි යන්න අවිනිශ්චිත වේනම් හෝ එවැනි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරේ.

     

    මනාප ගණන් කිරීමේදී වලංගු නොවන ඡන්ද පත්‍රිකා මෙසේය,

     

    - කිසිම අපේක්ෂකයකුට මනාප සලකුණු කර නොමැති හෝ
    - අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩා වැඩි සංඛයාවක් වෙනුවෙන් මනාප සලකුණු කර ඇති හෝ
    - මනාප සලකුණු කර ඇත්තේ කුමන අපේක්ෂකට දැයි අවිනිශ්චිත හෝ ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීම සඳහා වලංගු නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya