ඊයේ (20) පස්වරුවේ දී මිරිහාන පොලිසිය මගින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් පිස්තෝලයක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පරීක්ෂණයේ දී මෙම සෙබළුන් වැරදිකරුවන් බව සනාථ වුවහොත් යුද හමුදා පනතට අනුව තරාතිරමක් නොබලා ඔවුන්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් දන්වා ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
DB