නවදිල්ලි නුවර පිහිටි පෝලන්ත ජනරජයේ තානාපති කාර්යාලයේ ඉන්දීය, බංග්ලාදේශ, නේපාල සහ ශ්රී ලංකා ආරක්ෂක උපදේශක කර්නල් ස්ලැවෝමියර් කොල්ටුන් මහතා ඊයේ (21) පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා හමුවිය.
මෙම හමුවේ දී දෙපාර්ශවය අතර වැදගත් කරුණු රැසක් පිළිබඳව ද සාකච්ඡා කෙරිනි. යුද හමුදාපති කාර්යාලයේ දී සිදු වූ මෙම හමුවේ දී සුහදතාවය පිළිඹිඹු කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
DB