අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම පිළිබඳ සම්මන්ත‍්‍රණය අද Featured

    මැයි 20, 2014

    දේශගුණ විපර්යාස පිළිබඳ 2014 වසරේ ජගත් විද්වත් වාර්තාව සහ පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම පිළිබඳ සම්මන්ත‍්‍රණයක් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.


    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව මෙය සංවිධානය කර ඇත. මේ සම්මන්ත‍්‍රණය 2014 වසරේ ජගත් විද්වත් වාර්තාවෙන් ඉස්මතු කර ඇති ගැටලු ශ‍්‍රී ලංකාවේ විද්වතුන්ට හඳුන්වාදීමේ අරමුණින් පැවැත්වේ.


    වර්තමානයේ මානව වර්ගයාට මුහුණදීමට සිදු ව ඇති ප‍්‍රබලතම ගැටලුව වන දේශගුණික විපර්යාසය පිළිබඳ අභියෝගයට දියුණුවෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ගය පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇති විය යුතුයි. ජගත් විද්වත් මණ්ඩලය පෙන්වා දී ඇති අන්දමට මිහිතලය දැනටමත් උණුසුම් වී ඇති අතර මෙමඟින් සිදු වන හානිය අවම කර ගැනීමට වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා ලෝක නායකයන් ලබන වසරේදී ප‍්‍රංශයේ පැරිස් නුවරදී හමුවීමට නියමිත බව ද පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya