අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය වෙසක් කලාපයට පළමු දිනයේම ලක්ෂයකට අධික පිරිසක් Featured

    මැයි 16, 2014
    බුදු තෙමඟුල සිහිකරමින් ආරක්‍ෂක සේනාව යාපනය විසින් 5 වන වරටත් යාපනය නගර මධ්‍යයේ “යාපා පටුනයි දහම් අමාවයි” යන තේමාව යටතේ ඉදිකරන ලද දර්ශනීය වෙසක් කලාපය නැරඹීමට පළමු දිනයේ දී ම ලක්ෂයකට අධික ජනතාවක් එක් ව සිටියහ.
     
    වර්ණවත් විදුලි බුබුළු 60,000කින් ආලෝකමත් කෙරෙන විශාල තොරණක්, විචිත‍්‍ර පහන් කූඩු විශාල ප‍්‍රමාණයක් හා ප‍්‍රණීත ආහාරපාන සහිත දන්සැලකින් ද මෙය සමන්විත වේ. 
     
    ප‍්‍රථම වරට යාපනයේ තොරණක් ඉදිවන අවස්ථාව මෙය වන අතර උස අඩි 43 කින් හා පළල අඩි 42කින් යුත් මෙම දැවැන්ත තොරණ නවීන තාක්‍ෂණ ක‍්‍රම යොදා ගනිමින් ආලෝකමත් කෙරේ. විශේෂයෙන් පාසල් සිසුන් හා නව නිර්මාණ පිළිබඳව දැනගැනීමේ උනන්දුවක් දක්වන සියලු දෙනා වෙනුවෙන් මෙම නවීන තාක්‍ෂණ ක‍්‍රමය පිළිබඳව අවබෝධයක් ලබාදීම පිණිස ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විසින් දිවා රාතී‍්‍ර දෙකෙහි තාක්‍ෂණික මෙහෙයුම් මැඳිරියක් තොරණ අසල පවත්වාගෙන යනු ලබයි.
     
    යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ ඉදි වූ මෙම වෙසක් කලාපයේ ප‍්‍රථම දිනය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වු සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතින් විවෘත වූ අතර ලක්‍ෂයකට අධික පිරිසක් එය නැරඹූහ. 
     
    මෙම දර්ශනීය තොරණ 5 වන ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරනු ලැබු අතර, ආරක්‍ෂක සේනාව යටතේ සේවය කරන සියලුම ඒකකවල සෙබළුන් මෙම වෙසක් කලාපය සාර්ථක කරගැනීමට තම ශ‍්‍රමය කැප කළහ.
     
    මෙහි තවත් එක් විශේෂ අංගයක් වනුයේ ද්‍රවිඩ හා සිංහල බසින් ගායනා කරනු ලබන වෙසක් භක්ති ගීත සංදර්ශනයයි. යාපනය මානිපායි නන්දාරාම දමිළ බෞද්ධ දහම් පාසලේ දරුවන්ද, පාසල් සිසු සිසුවියන් මෙන්ම යුධ හමුදා සෙබළ සෙබළියන්ද ගායනයෙන් භක්ති ගීත සංදර්ශනයට දායක වෙයි. මෙයට අමතරව වෙසක් කලාපය පැවැත්වෙන දිනවල මධ්‍යම රාතී‍්‍රය දක්වා වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලුදෙනා වෙනුවෙන් ප‍්‍රණීත ආහාරපාන සහිත දන්සැලක් ද විවෘතව පවතී.
     
    සර්ව ආගමික නායකයින්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා, යාපනය දිසාපති එස්. අරුමෙයිනායගම් සහ යාපනය නගරාධිපතිනි යෝගේෂ්වරි පත්ගුණරාසා යන මහත්ම මහත්මීන් ද විශේෂ ආරාධිත අමුත්තන් අතර වූහ.
     
    යාපනයේ ස්ථාපිත නාවික හමුදාව, ගුවන් හමුදාව හා පොලීසිය, ව්‍යාපාරිකයින් හා දානපතීන් මෙන්ම යාපනය මහ නගර සභාව ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන කිහිපයක් මෙම වෙසක් කලාපය සාර්ථක කර ගැනිම සඳහා සහය ලබාදී තිබේ.
     
    2014 05 15 142014 05 15 11
     
     
    2014 05 15 182014 05 15 5
     
    2014 05 15 72014 05 15 10
     
    2014 05 15 82014 05 15 13

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya