අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට මාතර විශේෂ රථවාහන සැලැස්මක්

    මැයි 16, 2014
    විජයග්‍රහණයේ සැමරුම් උත්සවය නිමිත්තෙන් අද (16) සිට 18 වැනි දා දක්වා මාතර වෙරළ තීරය ආශ්‍රිත මාර්ගයේ සහ මාතර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු යොදා ඇත. 
     
    ඒ අනුව අද (16) සහ හෙට (17) දිනයේ උදෑසන 7.30 සිට පස්වරු 4.30 දක්වාත්, 18 වන දින අලුයම 04 සිට උත්සවය අවසන් වන තුරුත් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම කාලය තුළ මාතර නගරය හරහා ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමට කටයුතු යොදා ඇත. 
     
    මෙම දිනවල දී මාතර ප්‍රධාන බස් නැවතුම්පළ තාවකාලිකව ගොඩගම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම අසල පිහිටි භූමියේ ස්ථාපිත කෙරේ. 
     
    අද , හෙට සහ අනිද්දා දිනයන්හි උදෑසන 05.00 සිට කි‍්‍රයාත්මක කළ යුතු රථවාහන සැලැස්ම පහත දැක්වේ.
     
    01 - කොළඹ දෙස සිට ගාලු පාර ඔස්සේ පැමිණ මාතර නගරය හරහා තංගල්ල දෙසට ගමන් කරන ලොරි, ට‍්‍රක් ඇතුළු සියලු බර වාහන වැලිගම නගරය දක්වා ගමන්කර වැලිගම නගරයෙන් හරවා වැලිගම අකුරැස්ස මාර්ගය ඔස්සේ තෙලිජ්ජවිල හරහා අකුරැස්ස වෙත පැමිණ අකුරැස්ස කඹුරුපිටිය හරහා හක්මන නගරයට පැමිණ හක්මන - බෙලිඅත්ත මාර්ගයෙන් බෙලිඅත්ත නගරයට පැමිණ එතැන් සිට දික්වැල්ල දෙසට හෝ තංගල්ල දෙසට ගමන් කරවීම 
     
    02 - කතරගම, තංගල්ල දෙස සිට ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් පැමිණෙන සියලුම බර වාහන ඉහත ගමන් මාර්ගය ඔස්සේම දික්වැල්ල අලුත් පාර හංදියෙන් හරවා බෙලිඅත්ත නගරයට ගමන්කර එතැනින් හක්මන, කඹුරුපිටිය, අකුරැස්ස, හරහා තෙලිජ්ජවිල මාර්ගය ඔස්සේ වැලිගම නගරය වෙත පිවිස එතැන් සිට කොළඹ දෙසට ගමන් කරවීම 
     
    03 - කොළඹ දෙස සිට පැමිණෙන සියලුම සැහැල්ලු වාහන හා මගී ප‍්‍රවාහන බස්රථ මාතර පොලිස් වසමේ වල්ගම හංදිය දක්වා ගමන්කරවා වල්ගම හංදියෙන් හරවා වෙලේගොඩ මාර්ගය ඔස්සේ රාහුල හංදිය වෙත පැමිණ හුණුකොටුව හරහා ගබඩා වීදිය හංදියෙන් හක්මන මාර්ගයේ යටියන හංදිය දක්වා ගමන්කර ඉන් පසු කැකණදුර මාර්ග ඔස්සේ කැකණදුර හංදියට පැමිණ වියන්ඔරුව, රත්මලේ මාර්ගයෙන් ගන්දර, තලල්ල කාර්මික විද්‍යාලය දක්වා ගමන් කරවා එම ස්ථානයෙන් නැවත තංගල්ල පාරට ප‍්‍රවිශ්ඨ කර තංගල්ල සහ කතරගම දෙසට ගමන් කරවීම 
     
    04 - තංගල්ල, කතරගම දෙස සිට කොළඹ දෙසට ගමන්කරන සියලුම සැහැල්ලු වාහන සහ මගී ප‍්‍රවාහන බස්රථ ගන්දර පොලිස් වසමේ තලල්ල කාර්මික විද්‍යාලය අසල ඇති දික්වැල්ල, රත්මලේ මාර්ගයෙන් වියන්ඔරුව හංදියට පැමිණ එතැන්සිට කැකණදුර මාර්ගය ඔස්සේ කැකණදුර හංදියට පැමිණ යටියන හංදිය දක්වා ගමන් කරවා හක්මන මාතර මාර්ගයෙන් ගබඩාවිදිය හංදියට පැමිණ, එතැනින් හුණුකොටුව, රාහුල හංදිය හරහා වෙලේගොඩ මාර්ගය ඔස්සේ වල්ගම හංදියට පැමිණ ගාල්ල දෙසට ගමන් කරවීම.  
     
    05 - දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ ගොඩගම පිවිසුමෙන් පැමිණ මාතර දෙසට ගමන්කරන සියලුම සැහැල්ලු වාහන රාහුල හංදියෙන් පෙර පරිදිම හරවා හුණුකොටුව හරහා ගබඩාවිදිය හංදියෙන් හක්මන මාර්ගයේ යටියන හංදිය දක්වා ගමන්කර ඉන් පසු කැකණදුර මාර්ග ඔස්සේ කැකණදුර හංදියට පැමිණ වියන්ඔරුව, රත්මලේ මාර්ගයෙන් ගන්දර, තලල්ල කාර්මික විද්‍යාලය දක්වා ගමන් කරවා එම ස්ථානයෙන් නැවත තංගල්ල පාරට ප‍්‍රවිශ්ඨ කර තංගල්ල සහ කතරගම දෙසට ගමන් කරවීම හා ගොඩගම හංදියෙන් හරවා අකුරැස්ස දෙසට ගමන්කර අමලගොඩ හංදියෙන් අකුරැස්ස, කඹුරුපිටිය, කිරින්ද හරහා හක්මන, බෙලිඅත්ත දෙසට ගමන්කර පෙර පරිදි දික්වැල්ල හෝ තංගල්ල දෙසට ගමන් කරවීම.
     
    06 - දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ පැමිණ ගොඩගම පිවිසුමෙන් පිවිසෙන සියලුම බර වාහන අකුරැස්ස දෙසට ගමන්කරවා ඉහත මාර්ගය ඔස්සේ තංගල්ල දෙසට ගමන් කරවීම. 
     
    07 - දක්ෂිණ අධිවේගි මාර්ගයට ගොඩගම පිවිසුමෙන් ඇතුළුවීමට පැමිණෙන සියලු සැහැල්ලු වාහන අකුරැස්ස මාර්ගයෙන් සහ හුණුකොටුව ගබඩාවීදිය මාර්ගයෙන් හෝ වල්ගම වෙලේගොඩ මාර්ගය ඔස්සේ ලබාගෙන ගොඩගම හංදියෙන් අධිවේගි මාර්ගයට යොමු කිරීම. 
     
     DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya