නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ව්‍යාපෘතියක් හෝ සංවර්ධන කටයුත්තක් නවතා දමා නැහැ

    ජූනි 29, 2015
    යහ පාලන ආණ්ඩුව යටතේ නවතා දැමූ එක් ව්‍යාපෘතියක් හෝ නම් කරන ලෙසත් පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙමින් පැවැති කිසිදු විධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් කිසිදු ආකාරයේ නවතා දැමීමකට, අඩපණ වීමකට ලක් ව නොමැති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 
     
    එපමණක් නොව නිසි මුදල් වෙන් කිරීමකින් තොරව ආරම්භ කර තිබූ ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් අලුතින් මුදල් වෙන් කර ඇත්තේ වත්මන් පාලනය මඟිනි. එසේ ම මුදල් නොගෙවීම නිසා ව්‍යාපෘති අතහැර දමා ගිය කොන්ත්‍රාත්කරුවන් සමඟ නැවත සාකච්ඡා කර ඔවුන්ගේ ගෙවීම් විධිමත් කිරීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ව්‍යාපෘති ඉදිරියට රැගෙන යාමට වත්මන් ආණ්ඩුව මහත් පරිශ්‍රමයක් දරමින් සිටී.
     
    කුමන පාර්ශවයක් අවධිමත්ව ව්‍යාපෘති ආරම්භ කළ ද එම ව්‍යාපෘති නවතා දමා ජනතාව අපහසුවට පත්කිරීම යහ පාලන ආණ්ඩුවේ අපේක්ෂාව නොවේ. එදා ලබා ගත් අධිපොළී ණය වෙනුවට සහනදායී ණය යෝජනා ක්‍රම මඟින් ණය ලබාගෙන ජනතාවට බරක් නොවන ලෙස සංවර්ධනය පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. ඊට ආසන්නතම නිදසුන නම් මුදල් අමාත්‍යාංශය හා ඔපෙක් සංවිධානය අතර පසුගිය දා අත්සන් තැබූ ණය ගිවිසුමයි. 
     
    මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත යා කෙරෙන පේරාදෙනිය, බදුල්ල හරහා චෙන්කලාඩි මාර්ග සංවර්ධනය වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනිණි. එය අමෙරිකානු ඩොලර් මිලියන 60කි. වසර 5ක සහන කාලයකුත් සමඟ ගෙවීමට වසර 20 කාලයක් වැය කළ හැකි මෙම ණය මුදලේ පොලිය 2.5%කි. යහ පාලන සුළුතර ආණ්ඩුව ගෙවී ගිය කෙටි කාලය තුළ මේ සියලු කටයුතු ඉටු කළේ ජනතාව කිසිදු අපහසුතාවකට පත් නොකර සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාමටය. සංවර්ධන කටයුතු වෙනුවෙන් බව පවසමින් ඇතැම් රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ඇතැම් ණය මුදල්වලට සිදු වූයේ කුමක් ද යන්න මෙතෙක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මෙවැනි තත්ත්වයන්ට වගකිව යුතු පාර්ශව යහ පාලන ආණ්ඩුවේ ගෙවී ගිය කාලය දෙස බලා විමතියට පත් ව ඇති බව වටහා ගත්තෙ හැක්කේ එල්ල කරන අභූත චෝදනාවලිනි.
    එම නිසා පැවැති ආණ්ඩුව විධිමත්ව ආරම්භ කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් අත්හිටුවා නොමැති බවත් මුදල් නොමැතිව නැවතීමට ගිය ඇතැම් ව්‍යාපෘති ජනතාව වෙනුවෙන් යළි ආරම්භ කර ඇති බවත් මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    චීන ව්‍යපෘතිවල සේවය කළ චීන ජාතිකයන් එම ව්‍යාපෘතිවල සේවයෙන් ඉවත් කර එම රැකියා මෙරට තරුණයන්ට ලබා දීම යහ පාලන ආණ්ඩුව මඟින් මේ වන විට සිදු කරමින් පවතී. පසුගිය ආණ්ඩුව චීන ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ බව අප දන්නා කරුණකි. එහෙත් මෛත්‍රී - රනිල් යහ පාලන ආණ්ඩුවේ අරමුණ ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපගේ එම ක්‍රියාදාමය හමුවේ දේශපාලනික වශයෙන් බංකොලොත් වූ පිරිස් විවිධ චෝදනා නගමින් සිටිති. රැකියා ලක්ෂ 20ක් අහිමි වී ඇති බව කෙසේ වෙතත් හැකි නම් නවතා දමා ඇති එක් ව්‍යාපෘතියක් නම් කරන ලෙස මේ චෝදනා එල්ල කරන සියලු දෙනාගෙක් ඉල්ලා සිටිනවා.
     
    ජනතාව යහ පාලන ආණ්ඩුව පත් කර ගත්තේ රට තවදුරටත් ඉදිරියට රැගෙන යාමට මිස ආපසු හැරවීමට  නොවේ. එබැවින් රටට හානිකර කිසිදු ආකාරයේ තීන්දුවක් ජනවාරි 8 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම ආණ්ඩුව ගෙන නොමැත.
    එවැනි තත්ත්වයක් තුළ ඉදිරි මහ මැතිවරණයේ දී හිමි වන අන්ත පරාජයෙන් ගැලවීම විපක්ෂයේ පිරිස් අසාර්ථක උත්සාහයක නිරත වන බව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya