අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය ලබා ගෙන ගැසට් කරන්නට ජනාධිපතිතුමා කටයුතු කළ බවත් පාර්ලිමේන්තුව ඊට සහය නොදී සිය වගකීමෙන් පලා යන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක දීය.
පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම විවිධ පක්ෂ සහ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් මෙලෙස ජනාධිපතිතුමාට බලපෑම් එල්ල කිරීම අසාධාරණ බවත් ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජනාධිපතිතුමා තමන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා 20වෙනි සංශෝධනය සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාමේ අරමුණක සිටි බවත් තවදුරටත් තොරතුරු පනත, විගණන පනත සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවීමට එතුමා කැමති වූව ද ඔහු ඒකාධිපතියෙක් නොවන බැවින් ඉල්ලීම් සලකා බලා ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවන්නට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. එහිදී ජනාධිපතිතුමා පොරොන්දු ඉටු කිරීමට යෝජනා කළ බැවින ජනාතාව ඉදිරියේ අසාධාරණයට ලක් නොවන නමුත් වගකීමෙන් පලා යන පාර්ලිමේන්තුව වරදකරුවෙකු වන බවත් ඔහු පැහැදිලි කළේය.
ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත පවතින අර්බුදකාරී තත්වය නිසා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවීම කල් දමන බවට ඇතැම් පුද්ගලයන් නගන චෝදනා අසත්‍ය බවත් ජනාධිපතිතුමා රටේ පාලකය ලෙස මෙන්ම පක්ෂයක ප්‍රධානියා ලෙසත් භූමිකා දෙකක් නිරූපණය කරන නමුත් මෙවැනි පෞද්ගලික තීරණ නොගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
තවද චීනය, ඉන්දියාව වැනි අනෙකුත් රටවල මැතිවරණ ක්‍රම හා අප යෝජනා කරන නව මැතිවරණ ක්‍රමය සන්සන්දනය නොකරන ලෙසත් මන්ද ඒ ඒ රටවල පාලන ක්‍රමයන් අප රටේ පාලන ක්‍රමයන් අතර විශාල වෙනසක් පවතින බවත් ඔහු පැවසීය.
SDF