මෙම උත්සවයේදී දේශය වෙනුවෙන් දිවි පිදූ එක් රණවිරු පවුලක සාමාජිකයෙකුට සහ රණක්ෂිතයට පත් වු රණවිරු පවුල් 45 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක් වටිනා නිවාස ආධාර ලබා දෙන ලදී.
ඒ අනුව දැනට රණවිරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන් 356 දෙනෙකු වෙත රුපියල් මිලියන 178ක් පමණ මුදලක් නිවාස ආධාර වශයෙන් ලබා දී ඇත.
එම අවස්ථාව අමතමින් යුද හමුදාපතිතුමා ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සෑම යුද හමුදා සාමාජිකයෙකුගේ ම කැපවීම සහ දායකත්වය උපකාරී වූ බවයි.
එමෙන්ම යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිතුමා විසින් තමා හට පුද්ගලිකව උපදෙස් ලබා දුන් බවත්, ඉදිරි කාලයේ දී මෙවැනිම සුබ සාධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවට යුද හමුදාපතිතුමා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් එම්. හතුරුසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක, මුල්‍ය කළමණාකරන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත, අධ්‍යක්ෂ රණවිරු සේවා බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී නාපාගොඩ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.