පසුගිය රජය විසින් 2009 වර්ෂයේ යුද්ධය අවසන්වීමෙන් අනතුරුව එල් ටී ටී ඊ රැඳවියන් පුනරුත්ථාපන කිරීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල විවිධ අස්ථානයන්හි පුනරුත්ථාපන කඳවුරු 20ක් ස්ථාපනය කරන ලද අතර ඒවාගෙන් මේ වන විට පූන්තෝට්ටම් කඳවුර පමණක් ක්‍රියාත්මක වන බවත් අධිකරණය විසින් නිදහස් කරනු ලබන රැදවියන් පුනරුත්ථාපන අධිකාරිය විසින් අධිකරන තීන්දු තීරණවලට අනුව මෙහිදී පුනරුත්ථාපනය කරනු ලබන බවද විජේතිලක මහතා මෙහිදී වැඩිදුරටත් පවසයි.
මේ වන විට විවිධ අදියරයන්හිදී පුනරුත්ථාපන අධිකාරිය විසින් එල් ටී ටී ඊ රැඳවියන් 12,084 දෙනෙකුගේ පුනරුත්ථාපනය අවසන් කර සමාජගත කර තිබෙන බව පැවසූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ජාත්‍යන්තර
සංවිධානයන් සමග තිබූ කොන්ත්‍රාත්තුව 2013 වසරේ අවසන් වූ බවත් ඉන් අනතුරුව පුනරුත්ථාපන අධිකාරිය විසින් මෙම කටයුතු සිදු කරනු ලබන බවත් මෙහිදී පවසා සිටි අතර මෙම වැඩසටහන අදියර තුනක් යටතේ සිදු කෙරෙන බවත් පැවසීය.
මින් පුනරුත්ථාපනය හා ඉන් අනතුරුව ඔවුන් සමාජගත කිරීම යන වැඩසටහන්වලට ප්‍රමුඛත්වය දී පුනරුත්ථාපන අධිකාරිය විසින් සිදු කරනු ලබන අතර සංහිදියා වැඩසටහන ද ඊට සමගාමීව සිදු කරනු ලබන බවද අවධාරණය කර සිටි අතර එසේම සංහිඳියා වැඩසටහන සම්පූර්ණවීම සඳහා තරමක් කල් ගතවිය හැකි බවත් එසේ වුවද එය ඉතාමත්ම සාර්ථකව අවසන් කළ හැකි බව ඉතාමත්ම විශ්වාසයකින් යුතුව පැවසිය හැකි බවත් විජේතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව සමාජගත කරනු ලබන අයවළුන් සම්බන්ධයෙන් රජය විසින් අවශ්‍ය සුබසාධන කටයුතු සිදු කරන අතර වසර ගණනාවක් යන තුරු ඔවුන් පිළිබඳව පසු විමර්ෂණය සිදු කරනු ලබන බවද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේය.
DB