මෙම වසරේ දී නැස්කෝ සම්මාන උළෙල සාර්ථක 15වන වරටත් පවත්වනු ලැබේ.
විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර යටතේ භෞමික කළමනාකරුවන්, විකුණුම් විධායකවරුන්, විකුණුම් අධීක්ෂකයන් සහ පෙරටුගාමීන් හඳුනාගෙන මෙම සම්මාන උළෙලේ දී සම්මාන පහළොවක් පිරිනැමීමට අපේක්ෂිතය. මෙම සම්මානයට පාත්‍ර වීම සඳහා වන සමාලෝචන කාලය 2014 දෙසැම්බර් 31වෙනිදායින් අවසන් වූ වර්ෂය යි. මෙම සම්මාන 15 සඳහා රන්, රිදී සහ ලෝකඩ සම්මානවලට අමතරව එම එක් එක් අංශවල හොඳම කාන්තාව ද තෝරා සම්මානයෙන් ඇගයීමට ද සැලසුම් කර ඇත.
සම්මාන සඳහා භෞමික කළමනාකරුවන්, විකුණුම් විධායකවරුන්, විකුණුම් අධීක්ෂකයන් සහ පෙරටුගාමීන් යන අංශ යටතේ එක් එක් ආයතන මඟින් පුද්ගලයන් දෙදෙනෙකු දක්වා නම් කළ හැක. අයැදුම්පත් කැඳවීම දැන් විවෘත අතර එය ජූලි 11 දිනෙන් අවසන් වේ. සීමිත වගකීම් සමාගම්, සාමූහික සහ එකම හිමිකරුවෙකුගේ නමට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර රට තුළ සිදු කරන ව්‍යාපාරික සමාගම් සඳහා සම්මාන සඳහා ඉදිරිපත් වීමට හැකියාව ඇත.
ශීඝ්‍රෙයන් සංචරණ පාරිභෝගික භාණ්ඩ (FMCG), මූල්‍ය සේවා සහ බැංකු, කර්මාන්ත, මාධ්‍ය, කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ, විදුලි සංදේශ, විලාසිතා සහ ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, නූතන සිල්ලර වෙළඳාම, සංචාරක සහ විනෝදාස්වාද, රක්ෂණ, මත්පැන් හා දුම්කොළ සහ දේපල විකිණීම යන අංශ සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ හැකි ය.
ජාතික අලෙවිකරණ ස්කන්ධයේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, අලෙවිකරණ දැනුම අතින් පෙරමුණ ගෙන ඇති අතර ස්ලිම් නැස්කෝ යනු සියලුම ව්‍යාපාර අංශ ආවරණය වන පරිදි වර්ණ ප්රදානය කරමින් අලෙවි නිලධාරීන් ඇගයීමට ලක් කරන එකම ජාතික උත්සවය වේ.
SDF