අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණිතය අසමත් දරුවන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට විද්වත් කමිටුවක්

    මැයි 12, 2014

    ගණිතය විෂය අසමත්වීම තුළින් පාසල් අධ්‍යාපනයෙන් පිටමං කළ දරුවන්ගේ ප්‍රශ්නය විමර්ශනය කොට සකස් කරන ලද විසඳුම් නිර්දේශ ඇතුළත් වාර්තාවක් දින 60ක් ඇතුළත සැපයීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කිරීමේ ලිපි ප්‍රදානය අද (12) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.


    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය නැතිව දරුවන් ගෙදර යන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස ගණිත විෂය පිළිබඳ විද්වත් කමිටුවක් පත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ ලිපි ප්‍රදානය කෙරිණි.


    1995 වර්ෂයේ ගණිත විෂය 71%ක් අසමත් වූ අතර සාමාන්‍යයෙන් අවුරුදු 15හි දරුවන් 280,000කට පාසල් අහිමි විය. 2013 වර්ෂය වන විට එය 42.77%ක අඩු මට්ටමක පැවතිය ද 2013 වර්ෂය තුළ 112,000ක් දරුවන් පිරිසකට ගණිත විෂය අසමත්වීම නිසා ඉහළ අධ්‍යාපනය නතර කිරීමට සිදු වී තිබෙන බවත් ඇති හැකි අයගේ දරුවන් ලන්ඩන් O/Lවලින් පහසුවෙන් ජීවිත ගොඩනගා ගත්ත ද ගමේ දරුවන් ගණිත බාධකය හේතුවෙන් පාසලෙන් එළියට දැමීම අසාධාරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    ගමේ දරුවාට යහපතක් වන ලෙස O/L කඩඉමෙන් ඉහළ අධ්‍යාපන මට්ටමක් ලබාගැනීමට අවස්ථාවට ලබාදෙන මෙම ජාතික ප්‍රශ්නය විමර්ශනය කොට ලබාදිය හැකි විකල්ප විසඳුම් හා ක්‍රියාවලි නිර්දේශ ලබා දෙන ලෙස මෙම විද්වත් කමිටුවෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකාවේ ගණිත විෂය පිළිබඳ ජාත්‍යන්තර මත යනාදී අංශයන් ඒකාබද්ධ කර ගනිමින් ගණිත විෂය විද්‍යාත්මක පදනමක් මත සුදුසු යෝජනා ප්‍රතිපත්ති තීරකයන්ට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.


    ගණිත විෂය සමත් නොවී පාසල් කම්කරු රැකියාවක් ලබා ගැනීමට නොහැකි බවත් ගණිත විෂය පදනම් කරගෙන මේ රටේ දරුවන්ට ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව නැති කර පසුගිය කාලයේ උතුරෙත් දකුණෙත් ඇති වූ කැරලිකාර කණ්ඩායම් නැවත ඇති නොවීමට සියලු දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මේ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්වවිද්‍යාලය උපකුලපති මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා යන මහත්වරුන් පත්කර ඇත.


    කමිටුවේ ලේකම් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි මාම්පිටිය මහතා කටයුතු කරන අතර යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්ය එස්. ශ්‍රී සත්ගුණරාජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.කේ. මල්ලවආරච්චි, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.ආර්. ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.ටී. සමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නලින් ගනේගොඩ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන විශේෂඥ ආචාර්ය එම්.බී.ඒ. ඒකනායක හා  විශ්‍රාමික ගණිත අධ්‍යක්ෂ විජේදාස හේවාවිතාරණ යන මහත්ම මහත්මීහු කමිටුවට අයත් අනෙක් සාමාජිකයෝ වෙති.


    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya