නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ රණ විරු දූ දරුවන්ට ශිෂ්‍යත්ව

    මැයි 18, 2015
    මෙරට පැවති රුදුරු ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම සදහා සිය ජීවිත පූජාවෙන් සටන් කළ ගම්පහ දිස්ත්‍රික්කයේ රණ විරුවන්ගේ දූ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව ලබා‍දීමේ වැඩ සටහනක් පසුගිය දා රණ විරු සේවා අධිකාරිය විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සංවිධානය කර තිබිණි.
     
    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. 
     
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ. පී. ජී. කිත්සිරි මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
     
    මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ රණ විරු දූ දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමුණ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය. 
     
    මෙම අවස්ථාවට රණ විරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් එහි උප සභාපතිතුමිය, ගම්පහ දිස්ත්‍රික් ලේකම්, රණ විරු සේවා අධිකාරියේ නිලධාරී ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya