මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම මැයි 19 අවසන් Featured

    මැයි 10, 2014

    (දෙවැනි යාවත්කාලීන කිරීම) 2013/2014 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල පාඨමාලාවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමට සුදුසුකම් සපුරා ඇති සිසුන්ගෙන් අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුකරන අතර එය ලබන මැයි 19 වැනිදා අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


    ජාතික විශ්වවිද්‍යාල 14ක්, මණ්ඩප තුනක් සහ උසස් අධ්‍යයන ආයතන පහකට මෙවර බඳවා ගනු ලබන ගණන 24540කි.  


    2013 අගෝස්තු පවත්වන ලද අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන්ට අයදුම් කළ හැකිය. මේ සඳහා විශ්වවිශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ දිවයින පුරා නියෝජිත අලෙවිසැල්වලින් මිලදි ගත හැකි බවත් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2014 මැයි මස 19 වන දින හෝ එදිනට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ හෝ ලියාපදිංචි තැපෑලෙන් භාරදිය යුතු බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය දන්වා සිටී.


    ඇතැම් විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා එම විශ්වවිද්‍යාල මගින් පවත්වන ප්‍රායෝගික / අභියෝග්‍යතා පරීක්ෂණ සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ගෙන් මේ දිනවල පුවත්පත් දැන්වීම් මගින් අයදුම්පත් කැඳවන බැවින් අවධානයෙන් සිටිය යුතු වන අතර අදාළ පුවත්පත් දැන්වීම් අනුව විශ්වවිද්‍යාල ප්‍රායෝගික / අභියෝග්‍යතා පරීක්ෂණ සඳහා අදාළ විශ්වවිද්‍යාල වෙත තම අයදුම්පත් යොමු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිසුන්ට දැනුම් දෙනු ලැබේ.


    මෘදුකාංග ඉංජිනේරු සහ පරිවර්තන අධ්‍යයන යනුවෙන් නව පාඨමාලා දෙකක් ද මෙවර අධ්‍යයන පාඨමාලාවලට එක් කර තිබේ.


    මෙවර බඳවා ගනු ලබන උසස් අධ්‍යාපන ආයතන සහ බඳවා ගන්නා සංඛ්‍යාව පහත පරිදි වේ.

    කොළඹ විශ්වවිද්‍යාලය සඳහා 1955
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා 2950
    කැලණිය විශ්වවිද්‍යාලය සඳහා 2445
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය සඳහා 2545
    මොරටුව විශ්වවිද්‍යාලය සඳහා 1570
    යාපනය විශ්වවිද්‍යාලය සඳහා 1855
    අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා 1350
    සබරගමුව විශ්වවිද්‍යාලය සඳහා 1060
    රුහුණු විශ්වවිද්‍යාලය සඳහා 1880
    නැඟෙනහිර විශ්වවිද්‍යාලය සඳහා 1110
    රජරට විශ්වවිද්‍යාලය සඳහා 1330
    වයඹ විශ්වවිද්‍යාලය සඳහා 870
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා 670
    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සඳහා 580
    ශ්‍රීපාලි මණ්ඩපය සඳහා 150
    ත්‍රිකුණාමල මණ්ඩපය සඳහා 255
    වවුනියා මණ්ඩපය සඳහා 275
    දේශීය වෛද්‍යවිද්‍යායතනය සඳහා 220
    ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය සඳහා 120
    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය 275
    ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය 230
    රාමනාදන් ලලිතකලා විද්‍යාපීඨය 195
    කලා පාඨමාලාවන් සඳහා 650 දෙනෙකු අමතරව බඳවා ගනු ලබයි.


    පසුගිය 2012/ 2013 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට බඳවා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන 24198කි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya