අද (08) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. 60 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ අනෙක් ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලයට, රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ යාපනය, සහ මන්නාරමට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනුරාධපුරය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැ
HC