නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට සිය සංවර්ධනයේ ගමනට භාරතයෙන් උපරිම සහය ලැබෙනවා Featured

    මාර්තු 14, 2015
    ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර ගණනාවක් පැරණි බවත් ශ්‍රී ලංකාවට සිය සංවර්ධනයේ ගමනට භාරතයෙන් උපරිම සහය ලැබෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා පවසයි.
     
     
    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (14) පස්වරුවේ යාපනය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති යාපනයේ ඉදි කිරීමට නියමිත සංස්කෘතික ම්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම සංකේතවත් කරමින් සමරු ඵලක නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
     
     
    යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉන්දීය රජයේ ප්‍රතිපාදන මත රුපියල් බිලයන 1.5ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරමින් යාපනය මහජන පුස්තකාලය අභියස ඉදි කිරීමට නියමිතය.
     
     
    ඉන්දු-ශ්‍රී ලංකා දීර්ඝ කාලීන මිත්‍රත්වය තර කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඊයේ (13) දිවයිනට සම්ප්‍රාප්ත විය. වසර 27කට පසුව ඉන්දීය රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර එතුමා අද දින උතුරු පළාතේ සංචාරයක නිරත වූයේ ඉන්දු-ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඉන්දීය රාජ්‍ය නායකයෙකු උතුරු පළාතට පැමිණීමේ සුවිශේෂී මංසලකුණ සනිටුහන් කරමිනි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගන්නා ලදී.
     
     
     
    තමන් ශ්‍රී ලංකා භූමියට පැමිණ යාපනයේ සංචාරය කිරීමත් සමඟ යාපනයේ නව පෙනුම තුළින් ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතින සාමයේ හා සෞභාග්‍යයේ සුවඳ ගැන්වූ සංදේශය ලෝකයට නිරාවරණය වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මෙම අවස්ථාවේ සභාව අමතමින් පැවසීය.
     
     
    ශ්‍රී ලංකාව සහ භාරතය සම්බන්ධව කතා කරන විට අප අසල්වැසි රාජ්‍යන් දෙකක් පමණක් නොව සංස්කෘතිකව එකට ගැලපුණු සහ බැඳුණු පාර්ශව දෙකක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
     
     
    එදා විශාල හැලහැප්පීම්වලට මුහුණ දෙමින් යාපනයේ ජනතාව පීඩාවට ලක් වූ බවත් ඉතා වටිනා අන්තර්ගතයන්ගෙන් සමන්විත ලක්ෂ ගණනක පොත්වලින් පිරී තිබුණු ලෝක ප්‍රසිද්ධ යාපනයේ පුස්තකාලය ද ගින්නෙන් දැවී විනාශ වූ බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා අද වන විට මෙම පුස්තකාලයට නැවත පණ ලැබී ඇති බවත් ඊට ලාංකීය නායකයන්ට තමන්ගෙ ප්‍රශංසාව පිරිනැමෙන බවත් සතුටින් කියා සිටියේය.
     
     
    මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් තොටුපොළ වැනි සංවර්ධන ව්‍යාපෘති රටක භෞතික සමෘද්ධිමත්භාවය ප්‍රකාශ කළත් පොත් කොතැන ද එතැන යුග ගණනක එකතුවක් සමඟ බැඳුණු අධ්‍යාත්මීක සාමාජීය සමෘද්ධිමත්භාවයක් පෙන්නුම් කරන බව ත් එතුමා ප්‍රකාශ කළේය.
     
     
    මෙම අවස්ථාවේ දී යාපනය පුස්තකාලය නැරඹීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතක නොකළේය.
     
     
    මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ සැලසුම සකස් කළ ගෘහ නිර්මාණ ශිල්පී මධුර ප්‍රේමතිලක මහතා විසින් ත්‍රිමාන වීඩියෝ දර්ශන මඟින් ඉදි කිරීමට අපේක්ෂා කරන ගොඩනැගිලි සහ එහි අන්තර් සහ භාහිර අංග පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදී. 
     
     
    ඒ අනුව ඉදි කිරීමට අපේක්ෂිත සංස්කෘතික මධ්‍යස්ථානයට සංස්කෘතික කෞතුකාගාරයක්, ශ්‍රවණාගාරයක්, මහජන පරිශ්‍රයක්, ඉගෙනුම් පරිශ්‍රයක්, පාවෙන වේදිකාවක් සහ පදික මංතීරුවක් ඇතුළත් වේ.
     
     
    මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීමෙන් නුදුරේදීම යාපනයේ ජන ජීවිතය හා සමාජීය ආකල්ප පුළුල් වීමත් සිදු වනු ඇතැයි අපේක්ෂා කරන අතර  මෙමඟින් තවත් පාරම්පරික සංස්කෘතික දායාදයක් ලෝකයට විවර වීමක් ද සිදු වන බව ගෘහ නිර්මාණ ශිල්පී මධුර ප්‍රේමතිලක මහතා එම අවස්ථාවේ දී සඳහන් කළේය.
     
     
    මෙම අවස්ථාවට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සිංහා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මහත්වරු පිරිසක් මීට එක් වූහ.
     
    SDF
     
    hjjhjjj

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya