නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයට පූර්ණ සහාය දෙනවා- ඉන්දීය අගමැති Featured

    මාර්තු 14, 2015
    මිතුරන් සහ අසල් වැසියන් විදියට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි අපි අපේ ඉහළම වැදගත්කම ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ වාණිජ මණ්ඩල හමුවක් (13) පස්වරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    කලාපීය සම්පත්වලින් පෝෂිත විශාල වෙළෙඳපොළක් තිබෙන බවත් එම නිසා අප සියලු දෙනාගේ සහයෝගය සියලු දෙනාට යහපතක් වන බවත් මෝදි මහතා ප්‍රකාශ කළේය.  
     
    අප අපේ ශක්තීන් භාවිත කීරීමේ අවස්ථා ලබා ගන්නේ නම් විශාලත්වයෙන් වෙනස්කම් වාසි සහගත සම්බන්ධතාවලට බාධාවක් නොවන බවත් යටිතල පහසුකම්,බලශක්තිය, සාම්ප්‍රදායික අත්කම්, නූතන නිෂ්පාදන. සංචාරක කර්මානත්ත සේවය යනාදී අපේ හැකියාවන්වලට සීමා නැති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය මාස 10 තුළ ඉන්දියාවේ ඇති වූ පරිවර්තනට ඔවුන්ගේ ප්‍රතිපත්ති හා නව අරමුණු පැහැදිලි වෙනසක් ඇති කළ බවයි.
     
    ඉන්දියාව ලෝකයේ වේගයෙන් වර්ධනයක් වන රටක් වෙනවා. ඉන්දියාව සමඟ අතීත ලෝක සම්බන්ධතා නව මට්ටමට පැමිණ තිබෙන නමුත් අපි ප්‍රථමයෙන් සැලකිය යුත්තේ අපේ අසල්වැසියන්ට. ඒ අනුව අපේ කලාපයට ආර්ථික වර්ධනයේ නායකත්වය ගන්න පුළුවන්. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ නිසා තමයි මම වෙළදාම, අයෝජන අවස්ථා සහ ජනතාව රටවල් අතර පහසුවෙන් හුවමාරු වන අසල්වැසි සම්බන්ධතා ගැන කතා කරන්නේ. කලාපයේ සම්බන්ධතා අනුව අපි ආයෝජනය කරනවා. තවද උසස් ඖෂධ විද්‍යාවේ සිට ආපදා කළමනාකරණය, අභ්‍යවකාශ  විද්‍යාව වැනි විද්‍යා  හා තාක්ෂණය අපි දකුණු ආසියාව සමඟ බෙදා ගන්නවා.අධ්‍යාපනය, නිපුණතා සහා ව්‍යාපාර තුළින් ශ්‍රී ලංකාව මහා ජයග්‍රහණ ලබා ගෙන තිබෙන අතර මේ වන විට රට තුළ සාමය දිනා ගෙන තිබෙන බවත්  ලෝකයේ හොඳම රටවල් සමඟ ගනුදෙනු කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    වෙළෙඳ අසමතුලිතතාවය සමඟ ප්‍රශ්න තිබෙන අතර ඒවා විසඳාගැනීමට කටයුතු කළ යුතු බව සඳහන් කළ අගමැතිවරයා වඩා පහසුවෙන් හා සුමට ලෙස ඉන්දීය වෙළඳපොළ අවස්ථා ලබාදීමට ඉන්දීය රජය උත්සාහ කරන බව සඳහන් කළේය.
     
    සාම්පූර් තාප බලාගාරය සහ ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් පර්යන්තයේ ප්‍රගතිය ගැන තමා සතුටු වන බවත් ඒවා මෙරට බලශක්ති සුරක්ෂිතතාවයට දායක වෙනවා. සාගර ආර්ථික පිළිබඳ තිරසාර සංවර්ධන ඇති කිරීමට හැකි විශාල ක්ෂේත්‍රයක් වන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
     
    kpm 
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya