මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ වී අස්වනු නෙලීමට සුදානම්

    පෙබරවාරි 12, 2020

    මාතලේ දිස්ත්‍රික්කයේ 2019/20 මහ කන්නයේ හෙක්ටයාර් 15212ක වී වගා කොට ඇති බවත් ඒමගින් මෙට්‍රික් ටොන් 63091ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය පැවසීය.

    මෙවර මහ කන්නයේ අස්වනු නෙලීම පෙබරවාරි මස අවසානයේ සිට ආරම්භ කිරීමට නියමිත බවද වී මිලදී ගැනීම සදහා රු. ලක්ෂ 200ක මුදලක් මේ වන විට ලබා දී ඇති බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.ඒම්.කේ.ජී පෙරේරා මහතාගේ උපදෙස් මත වී මිලදී ගැනීමට සියල්ල සුදානම් බවද අජිතා මානික්‍රම මහත්මිය සදහන් කළාය.


    මාතලේ දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම් ගලේවෙල, විල්ගමුව හා දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ මධ්‍යස්ථාන 8කදී සිදු කිරීමට නියමිතය. ගලේවෙල කොට්ඨාසයේ දේවහුව හා කනාදන ගබඩාවලට විී මෙට්‍රික් ටොන් 1500ක්ද, විල්ගමුව කොට්ඨාසයේ හදුන්ගමුව, හෙට්ටිපොල 1, 2. හා 3 ශාලාවල මේ. ටොන් 4045ද දඹුල්ල කොට්ඨාසයේ කණ්ඩලම හා පැල්වැහර මධ්‍යස්ථානවල මෙට්‍රික් ටොන් 4000ක් වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 9545ක් ගබඩා කිරිමේ හැකියාව
    පවතින බවද දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පැවැසුවාය.
    නියමිත ප්‍රමිතියෙන් යුත් 14%ක තෙතමනයෙන් යුත් වී කිලෝවක් සදහා රු 50ක අවම මිලක් යටතේ වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගන්නා අතර 14%ත් 22%ත් අතර තෙතමනයෙන් යුත් වී කිලෝවක් රු 44.00 බැගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට හා සමුපකාර සමීතිවලට මීලදී ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කොට තිබේ.


    අක්කරයක් වගා කළ ගොවියෙකුගෙන් කි.ග්‍රෑ 1000ක්ද, උපරිම අක්කර 5ක් දක්වා වගා කළ අයෙකුගෙන් කි.ග්‍රෑ 5000ක් වන පරිදි මිලදී ගැනීට නියමිතය. ගොවීන් වගා කළ භුමි ප්‍රමාණය ඇතුලත් වාර්තා ගොවිජන සංවර්ධන දෙපාර්තමෙන්තුවෙන් වී අලෙවි මණ්ඩලයට ලබා දීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya