මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සමෘද්ධි හිමිකම් පත්‍ර ප්‍රදානය -මහනුවර

    මැයි 29, 2019

    දිවයින පුරා විසිරී සිටින ප්‍රතිලාභීන් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාර හිමිකම් ප්‍රදානය කිරීම සදහා රජය විසින් ගෙන යන වැඩසහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ට හිමිකම් ප්‍රදානය කිරීම 2019 ජූනි 01 වැනි දින ප.ව. 2.00 ට මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ විස දෙදහසකට අධික පිරිසක් මෙවර සමෘද්ධි හිමිකම් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් සියළු දෙනා සංකේතවත් කරමින් මෙහිදී ප්‍රතිලාභීන් 4500 කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමට නියමිතය. ඉතිරි ප්‍රතිලාභීන් සියල්ලට ප්‍රාදේශීය ලේකම් කොට්ඨෘශ මට්ටමින් සමෘද්ධි හිමිකම් ප්‍රදනය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.

    ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සදහා රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද එක් වීමට නියමිතය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya