ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය අලුතින් බදු පැනවීමක් සිදු කර නැහැ - සිදු කරන අසත්‍ය ප්‍රචාරණයන් පිළිබඳව රජය කරුණු පැහැදිලි කරයි

    ඔක්තෝබර් 18, 2024

    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය විසින් සිදු කර තිබේ.


    ඒ අනුව, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 02 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වාශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිත රෙගු සංකේතාංක සමඟ අදාළ බදු අනුපාතයන් සමඟින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සඳහන් කිරීමත් ප්‍රධානම නිතිමිය අවශ්‍යතාවයන් 03 ක් වන බව එම නිවේදනයේ සඳහන් වේ.
    එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05 ක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2023 ඔක්තෝබර් 14 දිනැති අංක 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වූ වලංගු කාලය 2024 ඔක්තෝබර් 13 දිනයෙන් අවසන් වූ බැවින්, එය නැවත 2024 දෙසැම්බර් 31 දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර තිබේ.
    එමඟින් රජය විසින් අලුතින් බදු පැනවීමක් සිදු කර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25 ක් වූ බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර. දේශීය ධිවර කර්මාන්තය සහ පළතුරු වගාව අරකෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනිකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාත යටතේම දීර්ඝ කර ඇත.
    සාමාන්‍යයෙන් මෙම පනතේ ගැසට් නිවේදනයත් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දක්වා පමණක් පවතින බදු එලෙසම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya