ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම කොළඹ දී සාර්ථකව අවසන් වෙයි

    ඔක්තෝබර් 18, 2024

    ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම සභාපතිත්වයෙන් පසුගිය ඔක්තෝබර් 15 සහ 16 දෙදින කොළඹදී පැවති දෙවන ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 (2nd IORIS Steering Committee Policy Board and Working Groups Meeting -2024), සාර්ථකව නිමාවට පත් විය.

    මෙම රැස්වීම සඳහා ඉන්දු ශාන්තිකර කලාපීය නාවික හමුදා ඇතුළු ඉන්දු ශාන්තිකර කලාපයේ සමුද්‍රීය නීතිය බලාත්මක කිරීමේ ආයතන, රාජ්‍යයන් හා සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්, නීතිවේදීන්, අධ්‍යක්ෂකවරුන්, තාක්ෂණික විශේෂඥයන් පිරිසක් සහභාගී වූහ. මෙවර රැස්වීමේදී ධීවර කර්මාන්තයේ තිරසාරත්වයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම, මුහුදේ සිදුවන හදිසි ආපදා හා සිදුවීම් කළමනාකරණය, සමුද්‍රීය නිරීක්ෂණ සඳහා අන්තර් නියෝජිතායතන සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ ගෝලීය වෙළඳාම සඳහා වඩාත් ආරක්‍ෂිත සාගර කලාපයක් පවත්වාගැනීම පිළිබඳ පාර්ශවකරුවන් අතර පූර්ණ සැසි සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කෙරිණි.

    එහිදී, විශේෂයෙන් මෙම තොරතුරු හුවමාරු කරගැනීමේ පද්ධතියේ අනාගත හිමිකාරිත්වය සහ උපායමාර්ගික ප්‍රමුඛතා, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා කලාපීය සහයෝගීතාව සහ බාහිර පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය වැනි වැදගත් මාතෘකා පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම, ජාත්‍යන්තර සමුද්‍රීය සිදුවීම් පිළිබඳ මෙහෙයුම් තොරතුරු හුවමාරු කරගැනීමේදී මතුවන නීතිමය අභියෝග, මෙම පද්ධතියේ අනාගත සංවර්ධනය හා ඒකාබද්ධ කිරීම, අනාගත නවෝත්පාදන, තොරතුරු හුවමාරු කරගැනීමේ සම්මත ක්‍රියා පිළිවෙත, සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණය සහ පුහුණු ආධාරක වැනි පුළුල් පරාසයක විෂයයන් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

    මෙම දෙවන ඉන්දු ශාන්තිකර කලාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු ප්‍රතිපත්ති මණ්ඩලය සහ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම - 2024 අවසන් රැස්වීම් අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya