මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට දුම්රිය ආසන online ක්‍රමයට වෙන් කිරීමට අවස්ථාව

    මාර්තු 14, 2024

    කල්තියා වෙන් කර ගත හැකි දුම්රිය ආසන වෙන් කිරීම් අද (14) සවස සිට මුළුමනින්ම මාර්ග ගතව සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇත.

    මෙම සේවාව මඟින් සාමාන්‍ය පරිදි දුම්රිය ආසන වෙන් කර ගැනීම සඳහා මෙන්ම වොරන්ට් බලපත්‍ර මඟින් ආසන වෙන් කර ගැනීම සඳහා ද අවස්ථාව සලසාදී තිබේ. ඒ අනුව www.seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හෝ මොබිටෙල්, හච් හා එයාර්ටෙල් යන දුරකථන ජාල හරහා 365 ඇමතීමෙන් ද, ඩයලොග් දුරකථන ජාලයෙන් 444 ඇමතීමෙන් ද, ටෙලිකොම් ස්ථාවර දුරකථන ජාලයෙන් 1265 ඇමතීමෙන් ද මෙම සේවාව ලබාගත හැකිය. එසේම 'Sri Lanka Railways Reservation' යන ජංගම දුරකථන යෙදවුම හරහා ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම සලසාදී තිබේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya