මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන ආර්ථිකයකට අප කඩිනමින් යොමු විය යුතුයි – ජනපති අවධාරණය කරයි

    මාර්තු 14, 2024

    රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එම වරද කිරීමට තමා සූදානම් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බවද පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි පසුගියදා(12) පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

    විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

    එම සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමග සුහද කථා බහකට ද එක් විය.

    මෙම කතිකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිම සනිටුහන් කරමින් “යුනයිටඩ් යූත් තරුණ ඒකමුතුවේ” උපදේශක නියෝමාල් පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය
    එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්න සහ ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.

    ප්‍රශ්නය,

    වර්තමානය වන විට ජංගම දුරකතනවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අන්තර්ජාල සේවා ගාස්තුවල ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඔබතුමා මාර්ගගත අධ්‍යපාන ක්‍රමය හදුන්වාදීම නිසා පසුගිය කොරෝනා සමයේ එය විශාල පහසුවක් වුණා. ඒනිසා තරුණ තරුණියන්ගේ සන්නිවේදන සාක්ෂරතාවය දියුණු කිරීමට ඔබතුමා ගෙන ඇති පියවර කුමක්ද?

    පිළිතුර,

    හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා. ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

    ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇතිවෙනවා. එම ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

    ඉතින් මම මෙතනට ඇවිල්ලා data නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මම සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට ලබා දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට වැඩසටන් ක්‍රියාත්මක කරන බවයි. යම් දේවල් නොමිලේ ලබා දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අදුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලුදෙනා වගබලා ගත යුතුයි.

    ප්‍රශ්නය,

    රජයට බරක් නොවී තම දක්ෂතාවලින් ව්‍යාපාර කිරීමට කැමැත්තක් දක්වන පිරිසක් මෙතන සිටිනවා. ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය කුමක්ද? ඒ වගේම විද්‍යාර්ථයින් ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවාද? සබරගමුව පළාත තුළ ගුරු වෘත්තිය සඳහා බඳවා ගැනීම් මේ වන විටත් සිදුකර නැහැ.මේ පිළිබඳ ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

    පිළිතුර,

    ගුරුවරු බඳවා ගැනීමේදී අසාධාරණයක් වූවා යැයි පවසමින් එක කණ්ඩායමක් අධිකරණයට ගොස් තිබෙනවා. එම ප්‍රශ්නය නිසා උසාවිය ගුරු පත්වීම් සඳහා බඳවා ගැනීම් කල් දමා තිබෙනවා. මෙම නඩුව ඉක්මනින් අවසන් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම ස්වයං රැකියා සිදුකරන ව්‍යවසායකයින්ට ආධාර උපකාර ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. පසුගිය ආර්ථික අර්බුදය සමයේ ස්වයං රැකියා සිදු කරන පිරිස් කඩා වැටීමකට ලක් වුණා. එකවර විශාල ප්‍රමාණයකට බැංකු ණය ලබාදීමෙන් ආර්ථික අර්බුදයක් නැවත ඇතිවිය හැකිය. එම නිසා ස්වයංරැකියාවල නියුතු ප්‍රජාවගේ ප්‍රමුඛතා අනුව බැංකු ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මීට පෙර ස්වයං රැකියා ලාභීන්ට ලබා දුන් බැංකු ණය නැවත අයකර ගැනීමේදී විවිධ ප්‍රශ්න මතුවී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයට අදාළ ස්වයං රැකියා සඳහා වැඩි නැඹුරුතාවයක් දැක්විය යුතුයි. මෙරට සංචාරක ව්‍යාපාරය මේ වන විට විශාල දියුණුවක් ලබමින් තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya