මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් විනාශ වූ නාවලපිටිය කඩයල්ලන බෝහිල් පාලම අලුතෙන් ඉදිකර ජනතා අයිතියට පත්‌ කෙරේ

    මාර්තු 09, 2024

    ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නාවලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ආරාධනයෙන් පසුගියදා නාවලපිටිය, කඩයල්ලන බෝහිල්වත්ත නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.

    පසුගිය වසරේ ඇතිවු ගංවතුර හේතුවෙන් මෙහි තිබූ පාලම ගසාගෙන ගොස් මුළුමනින්ම විනාස වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාලම ඉදිකිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 450ක මුදල් ප්‍රතිපාදන විශේෂ ව්‍යාපෘතියක් ලෙස ලබාදී ඇත. පාලමේ ඉදිකිරීම් කටයුතු පස්බාගේ කෝරලය ප්‍රාදේශීය සභාව මගින් සිදුකර ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    “පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් තමාගේ පළාතේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවෙන් ලුණු බිකක් හරි අරගෙන එන්න පුළුවන්නම් ඒක අරගෙන ඒම සඳහා වැඩියෙන්ම මහන්සි වෙන ඇමැතිවරයෙක් තමයි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා.
    එතුමා, මහා මාර්ග ඇමති විදියට මගේ ළඟටත් අනෙක් සියලුම ඇමතිවරු ළඟටත් ගිහිල්ලා අමාත්‍යාංශ ඇතුළට කඩා වැදිලා මේ පළාතේ හඬක් නගන්න බැරි ජනතාවගේ දුක වේදනාව කියලා ඒ ටික අරන් එන්න මහින්දානන්ද හැර වෙන කෙනෙක් මේ පළාත්ව ඉන්නවා කියලා දැකලා නැහැ.
    මම වෙළඳ ඇමති ලෙස ඉන්නකොට මේ නාවලපිටියට ආර්ථික මධ්‍යස්ථානයක් හදන්න කියලා සල්ලි ඔක්කොම අරගෙන ඇවිල්ලා නාවලපිටිය හන්දිය හැදුවා. මම අධ්‍යාපන ඇමති වශයෙන් ඉන්නකොට මේ පළාත්වල දරුවන්ට තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය ඉගෙනීම සඳහ මහින්දෝදය විද්‍යාගාර දාහක් හදනකොට ඒවත් මෙහෙට ගෙනාවා. මහාමාර්ග ඇමැතිවරයා වශයෙන්ම ඉන්නකොට නාවලපිටිය දුම්රිය ස්ථානය අසල තියෙන ඉඩම් ටික අරගෙන මුස්ලිම් විද්‍යාලයට දුන්නා දැන් මහා මාර්ග ඇමති විදිහට මෙවර මේ පළාතේ පාරවල් හදන්න ලක්ෂ දෙදහක මුදලක් මිලියන 200ක් මගෙන් වෙන් කරගෙන ඇවිත් තියෙනවා ඉතින් මම බැරිවෙලා හරි බුද්ධශාසන ආගමික කටයුතු ඇමැති වුණොත් මේ පැත්තට කෝවිලක් අරගෙන ඒවි. ඇමැතිවරුන්ට කරදර කරලා හරි තමාගේ පලාතේ ජනතාවට තමාගේ ප්‍රශ්නය තමන්ට විසඳා ගන්න බැරි වෙලාවේදී රනිල් වික්‍රමසින නායකතුමාට හයියක් වෙලා මේ සල්ලි ටික අරන් ඇවිල්ල පාලම හදලා දීල තියෙනවා. එතුමාට දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව මේ දිස්ත්‍රික්කයේ විශාලම ශක්තිය ලබාදීමෙන් ඔබටත් රටටත් යහපතක් වෙනවා යයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya