අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

    මාර්තු 07, 2024

    වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    මෙම ගැටලුවට අදාළ සියලු විද්වතුන්   මේ සඳහා  සම්බන්ධ කර ගන්නා ද බව ඇය පැවසුවාය. අද පාර්ලිමේන්තුවේදී වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමතිවරිය මේ බව කියා සිටියාය.

    ඇමැතිවරිය මෙසේද ප්‍රකාශ කළාය.
    අපේ අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් මේ ගැටලු සම්බන්ධයෙන් සාවධානය සවන් දුන්නා. සියලුදෙනා එක්ව මේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අපි කටයුතු කරනවා. රට තුළ විවිධ ආගම් මතවාද තිබෙනවා. වඳුරා කිව්වාම, මිනිසා පරිවර්තනය වුණේත් වඳුරාගෙන් බව විද්‍යාත්මක පරිණාමවාදයෙන් ඔප්පු කර තිබෙනවා. තේරීම් කාරක සභාවක් ඇති කරලා ඒ සම්බන්ධයෙන් සිටින විද්වතුන් ඇතුළු කරගෙන කෘෂිකර්ම, පරිසර, ආරක්ෂක අමාත්‍යාංශයන්වල නිලධාරීන් ඒකාබද්ධව මීට විසඳුම් ලබාදිය යුතුයි. ආගමික නායකයන්, ස්වේච්චා සංවිධාන ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් කැඳවා තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව ඉදිරිපත් කළ යෝජනාවක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya