අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි වැට නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහ බහුකාර්ය බලකායේ දස දහසක් යොදවා තිබෙනවා

    මාර්තු 07, 2024

    අලි වැට නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහ බහුකාර්ය බලකායේ දස දහසක් පිරිස යොදවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(07) පාර්ලිමේන්තුවේදි පැවසීය. වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පිළිබද සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.දස දහසක බලකායක් අලි වැට නඩත්තුව සඳහා යොදවා තිබුණද මේ සඳහා නිසි විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යනරයා පවසුවේ,
    අපි සතා සිව්පාවගේ අයිතීන් ගැන කතා කරනවා. නමුත් මේ නිසා ගොවි ජනතාවගේ වගාවට සිදු වන හානිය ඉතා බරපතලයි. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුයි. ගොවි ජනතාවගේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අලි වැට නඩත්තු කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ 5000ක් යොදවා තිබෙනවා. බහුකාර්ය බලකායේ 5000ක් යොදවා තිබෙනවා. නමුත් මේ සඳහා ස්ථිර විසඳුමක් ලැබී නැහැ. ඊට අමතරව දඩු ලේනුන්, රිලවුන් නිසා විශාල වශයෙන් හානි සිදුවෙනවා. සැප්තැම්බර් 26 සිට දවස් 100ක් විතර දිගටම වර්ෂාව පැවතුණා. දැන් දිගටම වියළ කාලගුණයක්. කෘෂි කර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා ගොවි ජනතාව යොමු කළ යුතු වෙනවා.

    ඉදිරියේදී සතුන්ට වන හානිය සම්බන්ධයෙන් පනතක් ගේන්න කටයුතු කරනවා. නමුත් මේ රටේ වඅධානය යොමු කළ යුතු කාරණයක් තිබෙනවා. අපේ රටේ පාරේ දඩාවතේ යන බල්ලන් මිලියන 6.2ක් රටපුරා ඉන්නවා. සංචාරක කර්මාන්තයට මේ නිසා විශාල බලපෑමක් සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya