අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය සතු ඉඩම් වලින් කොටසක් ගොවි ජනතාවට ලබා දීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කර තිබෙනවා

    මාර්තු 07, 2024

    ගොවිජනතාව ආරක්ෂා  කිරිම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයට විශාල වගකීමක් ඇති බවත්,රජය සතු ඉඩම් වලින් කොටසක් ගොවි ජනතාවට ලබා දීමේ  විප්ලවීය වැඩසටහන මේ වන විට රජය ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. කෘෂිකර්මාන්තය    නව්‍යකරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළක  අවශ්‍යතාවය  ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

    වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පිළිබදව සභාව කල්තැබීමේ විවාදය ආරම්භ කරමින් අලි සබ්රි අමාත්‍යවරයා අද(07) පාර්ලිමේන්තුවේදී  මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ලංකාවේ ශ්‍රමබලකායෙන්  ගොවි ජනතාව 27% ක් . නමුත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට දායක වන්නේ 8%ක් වගේ මුදල් ප්‍රමාණයක්. එයින් පැහැදිළි වන්නේ ඉතා මහන්සියෙන් වැඩකරන  ගොවිජනතාවට ලැබෙන මුදල ප්‍රමාණවත් නැති බවයි. අද ගොවි ජනතාවට ලැබෙන මුදල  ඉතා අඩුයි. කෘෂිකාර්මික රටක් වශයෙන් ඊට හේතු වූ කරුණු පිළිබඳව   සොයා බැලීම ඉතා වැදගත්. ගොවි ජනතාව වගා කරන බිම් වලින් 80%ක් තිබෙන්නේ කුඩා වතු හිමියන්. කුඩා  කුඹුරු හිමියන් .කුඩා වතු හිමියන්. එම නිසා මහා පරිමාණ වගාවන් සිදු වන්නේ නැහැ. ලංකාවේ ඉඩම් වලින් 82%ක් අයත් වන්නේ රජයට. රජය සතු ඉඩම් වලින් කොටසක් ගොවි ජනතාවට ලබා දීමේ  විප්ලවීය වැඩසටහන මේ වන විට රජය ආරම්භ කර තිබෙනවා. එය ගොවි ජනතාව ශක්තිමත් කිරීම සඳහා ගත් නිර්භීත තීරණයක්.  වන සතුන්ගෙන් වගේම වෙනත් ක්‍රමවලින් ගොවිතැන් වලට හානි සිදුවෙනවා. කෘමින්ගෙන් සිදු වන  හානිය නිසා බඩඉරිගු වගාව , පොල් වගාව විනාශ වුණා.

    කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.  කෘෂි කර්මය වෙනුවෙන් යෙද වූ  විශාල සේවක පිරිසක් අද  සිටිනවා. කෘෂිකර්මාන්තයේ නියැළෙන අනෙක් රටවල් ලබා ගෙන ඇති ප්‍රගතිය අපට ලබා ගන්න බැරි ඇයි? මෙහිදී නවීණ තාක්ෂණය, අලුත් බෝග වර්ග හඳුන්වාදීම  ඉතා වැදගත්. වියට්නාමයේ ජනගහණය මිලියන 96යි.4ඔවුන් අද වන විට සහල් අපනයනය කරන රටවල් අතුරින් දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. . ඒ සඳහා බලපෑ ප්‍රධානම කාරණය තමයි වියට්නාමයේ ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම.

    ගොවීන්ව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණයට විශාල වගකීමක් තිබෙනවා.කෘමින්ගෙන් වන ආක්‍රමණ, වන සතුන්ගෙන් වගා  ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්   අලුත් විදියට සිතන්න ඔවුන්ව පුහුණ කළ යුතුයි.  ගොවිජනතාවට සිදු වන වගා හානි සඳහා මුදල් ගෙවීම සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය තිබෙනවා.

    පොහොර භාවිතයද  ඉතා වැදගත්. මේ රටේ ජනතාව ගොවිතැන් කිරීමේදී  අවශ්‍ය ප්‍රාමණයට වැඩි පොහොර ප්‍රමාණයක් යොදන බව හෙළී වී තිබෙනවා. එම නිසා වගාවට යොදන  පොහොර වලින් 60%ක් විතර අපතේ යනවා. එම නිසා පොහොර භාවිතය විධිමත් කළ යුතුයි.අස්වැන්න විකිණීමේදී  අතරමැදියන්ගෙන් තොර ක්‍රමවේදයක්, අස්වැන්න නෙළා ගත් පසු ආරක්ෂා කර ගැනිම, ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya