අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කරනවා -අගමැති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි

    මාර්තු 07, 2024

    අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පවතින පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත්, එය වැළක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් සඳහන් කරමින්, විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

    අද  දින රාජ්‍ය ඇමතිතුමා සහභාගි වෙලා නෑ හදිසි කාරණාවකට මූල්‍යමය සාකච්ඡාවකට කැඳවලා තිබෙන බව දැනුම් දීලා තිබෙනවා. නමුත් විපක්ෂ නායකතුමා කලින් කීප වතාවක් මේ ප්‍රශ්නය ගත්තා. මම සම්පූර්ණයෙන් එකඟයි මේ පරාටේ execution law එක. මේ පසුගිය අවුරුදු ගණනාවක් තුළ කීප වාරයක් සංශෝධනය කරලා තිබෙනවා. කියවා බැලුවොත් මම හිතන්නෙ ඔබතුමත් කියවලා බලලා තිබෙනවා වසර දහයෙන් දහයට සංශෝධනය කරලා තිබෙනවා. පළවෙනියෙන් ගෙනාපු සීමාව දැන් කීප වතාවක් වැඩි කරලා තිබෙනවා. එයින් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව මේ කටයුතු කරලා තිබෙන්නේ මේ පිළිබඳව ප්‍රශ්නයෙන් ගැඹුරෙන් අවධානයට යොමු නොකර වෙන්නත් පුළුවන් මේක සම්බන්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයද ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යතුමා හැටියට තීරණය කරා මේක කල්දාන්න ඒ අතරතුර වහාම සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගේන්න.

    "මේ කියන දේ තමයි අපි සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයේ පැමිණි එකඟතාවය. ඒ අනුව මෙය තාවකාලික අත්හිටුවන්න මාස කිහිපයකට තීරණයක් අරන් තියෙනවා. ඒක කියාත්මක කිරීමට උදාවෙනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya