අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විදුලි සබඳතා ලබා ගැනීමේදී වාරික වශයෙන් මුදල් ගෙවීමේ අවස්ථාව - විදුලි බල ඇමති

    මාර්තු 07, 2024

    නව විදුලි  සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී , ඒ සඳහා වැයවන  මුළු මුදලින් 25%ක් ගෙවා ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව විදුලි බල සහ බලශක්ති  අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉදිරියේදී ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට  විදුලි බිල ගෙවීම වඩාත් පහසු කර ගැනීම සඳහා Prepaid කාඩ්පතක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද කීය.

    පාරිභෝගිකයින්ගේ විදුලි සබඳතා විසන්ධි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එච්.එම් ධර්මසේන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විදුලිය විසන්ධි කිරීමේදි ග්‍රාමීය සහ අඩු ආදායම් ලාබී සහ වතුකර ප්‍රදේශ වල ජනතාව කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පැසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    මොණරාගල දිස්ත්‍රික්කයේ විදුලිය විසන්ධි කිරීම වැඩිම සංඛ්‍යාවක් සිදු වුණේ 2019 වසරේදීයි. රුපියල් 1000ට අඩු විදුලිය විසන්ධි කිරීම්,  විදුලි පාරිභෝගියකයන්ගෙන් නැවත අයකරගැනීමේදී ඔවුන් අපහසුතාවයට පත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ප්‍රතිපත්තිමය තීරණ දෙකක් ගෙනතිබෙනවා. ඒ තමයි ,  සුළු විදුලි බිල් තිබෙන අයට යම් කාලසීමාවක් ලබා දෙන්න. අනෙක තමයි  විදුලිය සම්බන්ධතාව නැවත අය කර ගැනීමේ ගාස්තුව අඩු කිරීම . මුලින් මෙම මුදල රුපියල් 3000ක්ව පැවතියා. පසුව එම මුදල රුපියල් 1500 දක්වා අඩු කර,  මෙම වසරේ රුපියල් 800 දක්වා පහත දමා තිබෙනවා.

    දීර්ග කාලයක් තිස්සේ නිසියාකාරව  බිල ගෙවන   විදුලි පාරිභොගිකයින් සිටිනවා.ඔවුනගේ  විදුලි බිල   පසුගිය කාලයේදී යම් විශේෂිත හේතුවක් නිසා   ගෙවීම ප්‍රමාද වී තිබේ  නම් ඒ සඳහා අවශ්‍ය සහණ කාලය ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේ  සම්බන්ධයෙන්  විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලට  අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

    ඉදිරියේදී නව විදුලි  සම්බන්ධතාවයක් ලබා ගැනීමේදී , ඒ සඳහා වැයවන  මුළු මුදලින් 25%ක් ගෙවා ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටබලාපො‌රොත්තු වන බවද  බලශක්ති අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා මෙම වැඩපිළිවෙළ වඩාත් ඵලදායී වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉදිරි සති දෙක තුළදී මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දෙන බවද හෙතෙම කීය.

    SMS පණිවිඩයක් හරහා විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ  ජනතාව තුළ මෙම ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම අවශ්‍ය බවයි. නමුත් හඳුනාගෙන ඇති ග්‍රාමීය ප්‍රදේශ වල තවදුරටත්  බිල් පත් ක්‍රමය ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී සියලුම විදුලි පාරිභෝගිකයින්  මේ සඳහා අනුගත විය යුතු බවයි.ඉදිරියේදී  විදුලි පාරිභෝගිකයින් සඳහා  Prepaid කාඩ්පතක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya