වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
යාපනය, නාගදීපය, නයිනතිවු දූපත්වල විදුලිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියකට ඉන්දියානු රජය සහාය දුන්නා. මූල්‍ය ප්‍රදානයක් විදියට ඩොලර් මිලියන 11 ක් ඔවුන් දෙනවා. ඒ ප්‍රදානය තුළ ටෙන්ඩර් කැඳවා ව්‍යාපෘතිය සමාගමකට ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු සත පහක් අපේ ආණ්ඩුවට දැන් වැයවන්නේත් නෑ. අනාගතයේ වැය වන්නේත් නැහැ. සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභය යාපනය, නාගදීපය, නයිනතිවු දූපත්වලට ලැබෙනවා. පරිසර ඇගැයීම් වාර්තා අපට ලබාදිය යුතුයි. ඒ නිර්දේශ අනුව ඊළඟ ව්‍යාපෘතිය කරනවාද යන්න තීරණය කරනවා. සුළං බලාගාරයක් හදන්න අදානිට දීලා තිබෙනවා, ඒ නිසා පරිසර හානියක් වෙනවා කියලා මතයක් ගොඩනඟා තිබෙනවා. පරිසර හානියක් වන බවට වාර්තාවල තිබේ නම් එය අදානි කළත් වෙනවා, දේශීය සමාගමක් කළත් වෙනවා. මන්නාරමේ සුළං බලාගාර ඉදි කළ නොහැකි බවට පරිසර වාර්තාවලින් කියන්නේ නම් එම ව්‍යාපෘතිය අදානිට ලැබෙන්නේත් නැහැ. දේශීය සමාගම්වලට ලැබෙන්නේත් නැහැ. එය පුනර්ජනනීය කලාපයක් විදියට වෙන් කරන්න ඕන.