නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාව සවිබල ගැන්වීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් වැඩපිළිවෙළවල් රැසක් - රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

    මාර්තු 06, 2024

    කාන්තාව සවිබල ගැන්වීම සඳහා වත්මන් ආණ්ඩුවෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය  අද(06) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
    කාන්තාව සවිබල ගැන්වීම අනිවාර්ය කරුණක් බව ද රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රිනී මංජුලා දිසානායක මහත්මිය කාන්තාවන්ගේ සුබසිද්ධිය උදෙසා රජය ක්‍රියාවට නංවන වැඩසටහන් සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට, අගමැතිවරයා වෙනුවට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය ඇමැතිවරිය මේ බව පැවසුවාය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ,ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව පනත් දෙකක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එහි නීති කෙටුම්පත් සිදු කර කැබිනට් අනුමැතියට දමා තිබෙනවා. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානතාව පනත නුදුරු අනාගතයේදීම සම්මත කර ගැනීමට නියමිතයි. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා දිරිය මන්පෙත නමින් වැඩසටහනක් ක්‍රියාවට නංවනවා. විදේශගත වන කාන්තාවන්ගේ පවුල් සුරක්ෂිත කිරීමට ද අපි අවධානය යොමු කර තිබෙනවා. වතු අංශයේ කාන්තාවන් වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාවට නංවනවා. කාන්තාවන්ට රැකවරණ මධ්‍යස්ථාන 12 ක මේ වන විට වැඩ අවසන් කර තිබෙනවා. පීඩාවට පත් වන කාන්තාවට යන්න තැනක් නැති වෙනවා. තුන්මාසයක කාලයක් එවැනි කාන්තාවන් අපි රඳවා ගන්නවා. දිස්ත්‍රික්ක මට්ටමින් මේ ස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya