නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලභීතිකා රෝගය තුරන්කළහැකි රෝගයක්-රෝගය අවම කිරීම සදහා අවශ්‍ය  පියවර ගන්නවා - සෞඛ්‍ය ඇමති

    මාර්තු 06, 2024

    ජලභීතිකා රෝගය තුරන්කළහැකි රෝගයක් බවත් ජලභීතිකා රෝගය අවම කිරීම සදහා අවශ්‍ය  පියවර ගන්නා බවත්  සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා  අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය. නිවසේ සුරතලයට ඇති කරන සතුන් නිසි පරිදි එන්නත් කිරීම සිදු කරන්නැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර  රාජපක්ෂ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය .

    එමෙන්ම මෙහිදී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසූයේ,අයාලේ යන සුනඛයන් මෙන්ම  පාලනය කළ නොහැකි නොයෙක්  සුරතල් සතුන් ඇතිකිරීමෙන් සමාජයට ගැටලු මතුවී ඇතිබවයි .

    මේපිළිබදව පිළිතුරු ලබාදෙමින්  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ මෙම පනත ජලභීතිකා අඥා පනත යාවත්කාලීන විය යුතු බවයි. ඒ  සඳහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු සිදු කරන බව හෙතෙම පැවසීය. පසුගිය වර්ෂයේ ජලභීතිකා රෝගය නිසා මරණ 16ක්  සිදු වීතිබේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන්  දැනුම්වත් කිරීමේ වැඩසටහන් තවත් විධිමත් කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ඉදිරියේදි මෙම පනත යාවත්කාළීන කරවා. ඒ සමග පළාත් පාලන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරමින් ඉදිරියේදී වඩා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරනවා. සතුන් සුරතලයට ඇති කිරීම අද ලංකාවේ ප්‍රචලිත කාරණයක්. නමුත් නිවසේ සුරතලයට ඇති කරන සතුන් නිසි පරිදි , අන් අයට හිරිහැරයක් නොවන පරිදි ඇති කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරනවා.

    සුරතලයට ඇති කරන සතුන් නිසි පරිදි එන්නත් කිරීමේ කටයුතු සිදු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya