පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
මුල් අදියර සඳහා අයදුම් පත් 374, 4493 ලැබී තිබෙනවා. අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව පවුල් ලක්ෂ 18ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා. දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා පදනම් කරගනිමින් සුදුසුකම් ලැබූ අය සඳහා 2024 ජූලි මාසයේ සිට ගෙවීම් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සූදානමින් සිටිනවා. මෙම ප්‍රමාණයට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය සැබවින්ම ලැබිය යුතු පිරිසකට නොලැබී තිබෙනවා. පළමු වටයේ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ දී එම පිරිස් ඉල්ලුම් පත්‍ර ලබා නොදීම ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය නොලැබීමට හේතුවක් වී තිබෙනවා. ඒ අනුව එම පිරිසට මාර්තු මාසයේ 15 වන තෙක් ඉල්ලුම් කිරීම සඳහා දින ලබා දීතිබෙනවා.අපේ රටේ ඔිනෑම ප්‍රද්ගලයෙකුට මේ සඳහා අයදුම් කළ හැකියි. පළමු වටයේ ඉල්ලුම් කළ අයට කිව් ආර් (QR Code)කේතයක් ලැබී තිබෙනවා. ඔවුන්ට නැවත ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැහැ.නමුත් අනවබෝධය නිසා ඇතැම් කණ්ඩායම් මුල් වටයේදී මේ සඳහා ඉල්ලුම් නොකළ අය සිටියා. ඔවුන්ට නැවත් ඉල්ලූම් කිරීමේ අවස්ථාව තිබෙනවා.